සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය මෙවර උඳුවප් පසළොස්වක පොහොය නිමිති කර ගෙන අද (4) ගංගොඩවිල ඓතිහාසික ශ්‍රී විජයාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.Sri Lanka Latest News
මෙවර දේශනය ශ්‍රී විජයරාම රජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී අමුණුමල්ලේ ජිනරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී විජයාරාම විහාරවාසී කෝට්ටේ සී. එම්. එස්. ශ්‍රී ජයවර්ධනපුර ජාතික පාසලේ ධර්මාචාර්ය අධ්‍යාපනවේදී පූජ්‍ය රාජගිරියේ විපුලඥාන නාහිමියන් විසින් සිදු කරනු ලැබීය.
ආපදාවෙන් දිවි අහිමි වූවන් වෙනුවෙන් මතක වස්ත්‍ර පුජා කරයි
මෙහි දී දිට්වා සුළි කුනාටුවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය නිසා ජීවිත අහිමි වූ අපේම රටේ අපේම ජනතාව වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් සිදු කර ඔවුන්ට පිං පැමිණවීමටත් මෙහි දී කටයුතු කළේය.























