පවතින ආපදා තත්වය සහ ඒ වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබද දැනුවත් කිරිම සඳහා මාධ්‍ය හමුවක්, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්තී විසින් අද (02) කැඳවා තිබුණා.Sri Lanka Latest News
එහිදී ඔවු සඳහන් කර සිටියේ නිවාස පිරිසිදු කිරීම සඳහා ලබා දීමට යෝජනා වී තිබූ රුපියල් 10,000 ක මුදල, රුපියල් 25,00 0 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම එම මුදල ලබා දීමේදී ඉඩමේ හෝ නිවසේ අයිතිය පිළිබඳව සැලකිල්ලට නොගෙන නිවසේ පදිංචිව සිටින පුද්ගලයන්හට එම මුදල ලබා දීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කර සිටියා.
එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මහා මාර්ග ප්‍රමාණය 256 ක් වූ බවත් ඊයේ (01) දිනයේ දී එම ප්‍රමාණය 108ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවත් ඔහු පැවසුවා.
සිදු වූ සුනාමි ව්‍යවසනයේ දී ඇස්තමේන්තු ගත වූ හානිය ඩොලර් බිලියන 1.3ත්, ඩොලර් බිලියන 2ත් අතර පසු වූ බවත් මෙම කාලගුණික ව්‍යවසනයත් සමඟ ඩොලර් බිලියන 6ත් 7ත් අතර හානියක් සිදුවූ බවට ඇස්තමේන්තු ගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.










