බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලදී අද පෙරවරුවේ සිදුවූ ප්‍රසූතියේ දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
ලංකාසර වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ අඩු බර දරු උපතක් වීම හේතුවෙන් ප්‍රසූතියේදීම දරුවා මියගොස් ඇති බවකි.
කෙසේවෙතත් මව මේ වනවිට සුවෙන් පසුවන බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ලංකාසර වෙබ් අඩවියට සදහන් කොට ඇත.
හැටන් ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඊයේ පාස්පෝට් පෝලිමට පැමිණ තිබිණ.










