කිසිවෙකුගේ බලපෑමට ඉල්ලා අස්නොවන බව දිගින් දිගටම පැවසූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් මෙන්ම නීතිපතිවරයාගෙන්ද බලපෑම් එල්ල වී තිබුණි.
ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල වූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් දීම ජොන්සන්ට එල්ල වී තිබූ චෝදනා ලෙස දැක්විය හැකිය.
ඒ හේතුවෙන් ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල විය
පසුගිය මැයි 30 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බොරිස් ජොන්සන් මහතා අතර දුරකතන සංවාදයක් පැවති අතර වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට කියා සිටියේ එහිදී ලංකාවට උදව් කිරීමට බොරිස් එකග වූ බවකි..










