• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක ප්‍රින්ටින් මිස්ටේක් එකක් නෙමෙයි! බරපතළ වැරැද්දක්! හරිනි මහනායක හාමුදුරුවන්ට ගිහින් කියපු දේට තරුණ ළමයි හිනාවෙනවා! වරුණත් හරිනිට දෙනවා දීමක්..! VIDEO I Sri Lanka Latest News

January 10, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.Sri Lanka Latest News

‘‘අධ්‍යාපන ක්ශ්‍රේත්‍රය සම්බන්ධයෙන් මතුවී තිබෙන ප්‍රශ්නයේ මේ මොහොතේ සාකච්ඡාවට භාජය වී තිබෙන්නේ අධ්‍යාපන මොඩියුල සම්බන්ධ ප්‍රශ්නයයි. නමුත් මොඩියුල සම්බන්ධයෙන් මතුවී තිබුණ ප්‍රශ්නයට එහා ගිය සංකීර්ණ ප්‍රශ්නයක් අධ්‍යාපන ක්‍රියාවලියේ ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් තිබෙනවා.

රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණක් අවශ්‍ය වෙනවා. එහි කිසිඳු විවාදයක් නැහැ. ඒ වගේම ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යැයි කියන මතය වෙනුවෙන් පෙනී සිටිම හරහා ඕනෑම ප්‍රතිසංස්කරණයක් හොඳයි කියලා කියන්න බැහැ. ඒ වගේම රජය ගෙන එන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අලුත් ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. පැරණි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකර ඉදිරිපත් කරන්න අධ්‍යාපන ඇමැතිවරිය සහ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

ඒ වගේම අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනඑන මොහොතේදී රට තුළ තිබුණ සමාජ ආර්ථික පසුබිම නෙවෙයි අද වනවිට රට තුළ තිබෙන්නේ. අද හාත්පසින්ම වෙනස් ලෝකයක් තමයි රට තුළ තිබෙන්නේ. කෙසේ නමුත් වසර 40 කට පෙර සිදුකළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම වර්තමානයේ සකස් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කළ යුත්තේ තවත් වසර 20 කින් සමාජයට පැමිණෙන තරුණ තරුණියන් ඉලක්ක කරගෙනයි. නමුත් වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් මෙවැනි දෙයක් සිදුවන්නේ නැහැ.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍යවන පහසුකම් විධිමත්ව සිදුනොකර විශාල අපිළිවෙළක් සහිතවයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙන්නේ. මේ අපි‍වෙළ සහ කලබලය නිසා ගැටලුවක් සිදුවී ඇත්නම් එහි වගකිම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නායකත්වය දුන් අධ්‍යාපන ඇමැති හරින අමරසුරිය ගතයුතුයි. ඕනෑම දෙයක සාර්ථවීම හෝ අසාර්ථවීමේ වගකිම නායකයෙකුගේ පෞරුෂත්වයයි. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබාගැනීමේ අරමුණින් හෝ වෙනත් අරමුණිකින් හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ගොස් දැන් විශාප ප්‍රශ්නයක ආණ්ඩුව පැටලි සිටිනවා.

ඒ වගේම අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිව් ආර් කේත භාවිතා කොට අධ්‍යනයක කළ යුතු පාඩම් මාලා රැසක් තිබෙනවා. ඒ වගේම විවිධ වෙබ් අඩවි පරිශිලනය කරන්නත් තිබෙනවා. කෙසේ නමුත් දරුවන් අමතර ඉගැන්වීමේ ක්‍රම වලට යා යුතුයි. මෙම සියලුම දරුවන්ට මෙම අමතර ඉගැන්වීම් වලට යාමට අවශ්‍ය යටිතල පහසුකම් රට තුළ ගොඩනගා තිබෙනවාදැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. මේ නිසා සියලුම පාසල් දරුවන්ට ටැබ් පරිගණයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යහපාලන රජයේ සිටි අධ්‍යාපන ඇමැතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ හරහා අධ්‍යාපනයේ නව අවස්ථා සෑම දරුවෙකුටම සමානම ලැබෙනවා. නමුත් වර්තමාන රජය ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සෑම දරුවෙකුටම සමාන අවස්ථා උදා වෙන්නේ නැහැ.

ඒ වගේම නම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දරුවන්ට ඉගෙන ගැනීමේ කටයුතු කිරීමට ලංකාවේ පාසල් කොමපණ ප්‍රමාණයකට පහසුකම් තිබෙනවාදැයි සොයා බැලිය යුතුයි. ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබෙන ඉගෙනුම් ක්‍රියාවලින් දරුවන් කොපමණ ප්‍රමාණයකට නිවෙසට ගොස් සිදුකරන්න පුලුවන්ද යන්නත් රජය සොයා බැලිය යුතුයි. මේ වෙනුවෙන් රජය කුමක්ද කරලා තිබෙන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය පාසල්වලට සුහුරු පන්ති කාමර ලබාදෙමින් දරුවන් ලෝකය හා සම්බන්ධ කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළා. නමුත් ආණ්ඩුව ඒවා විහිළුවට ලක්කළා. ඒ වගේම අධ්‍යාපනයේ වෙනස් ඇති කිරීමට පෙර දරුවන්ට ලබාදිය යුතු සම්පත් රැසක් තිබෙනවා. මේ සම්පත් ලබානොදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා.

ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඉදිරිපත් කළ මොඩියුලයක දරුවන්ට කිසිසේත්ම නොසුදුසු වෙබ් අඩයක් සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන වගකිමත් මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් පුද්ගලයා ලෙස අගමැතිනිය වගකිම භාරගත යුතුයි. ඒ වගේම මෙම ප්‍රශ්නයේදී සමාව ගත්තාට සිදුවුණ වැරද්ද සදා ගැනීම අසීරු කටයුත්තක්. ඒ වගේම 6 ශ්‍රේණියේ මොඩියුලටම නොසුදුසු වෙබ් අඩවියක් ඇතුලත් කිරීම මුද්‍රණ දෝෂයක් නෙවෙයි.

ඒ වගේම සමලිංගිකත්වය සම්බන්ධයෙන් වන වෙබ් අඩවියක් 6 ශ්‍රේණියේ මොඩියුලට ඇතුළත් කිරීම හරහායි ප්‍රශ්නයක් මතුවී තිබෙන්නේ. ඒ වගේම සමලිංගික ප්‍රජාවට කිසිදු විරෝධයක් පළ කරන්නේ නැහැ. ඒ වගේම මෙම ප්‍රශ්නය හරහා හරිනි අමරසූරිය අගමැතිනියට සිදුකරන මඩ ප්‍රහාරවලට මම පෞද්ගලිකව විරුද්ධයි. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් දරුවන්ට ඔන්ලයින් හරහා ආධුනිකයන් හඳුනා ගැනීම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පින්ලන්තයේ අධ්‍යාපන ආකෘතිවල ආභාෂය ලබාගෙන තිබෙනවා. කෙසේ නමුත් පින්ලන්තයේ අධ්‍යාපන ආකෘතිය තුළත් දරුවන්ට ඔන්ලයින් වැඩ කිරීමට හැකියාව තිබෙන්නේ ගුරුවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණයි. ඒ අනුව වර්තමාන රජය ලෝකයේ කිසිදු රටක් පිළිගන්නේ නැති අධ්‍යාපන ආකෘතියක් තමයි හඳුන්වා දී තිබෙන්නේ.

ඒ වගේම 6 ශ්‍රේණියේ මොඩියුලට වෙබ් අඩවි ඇතුළත් කර තිබුණත් ඒවා පරිශිලනය කරන්න දැනුම් දී නැති බව අධ්‍යාපන ඇමැති හරිනි අමරසුරිය මහනායක හිමිවරුන් හමුවී ප්‍රකාශ කර තිබෙනවා. නව තාක්ෂණය පිළිබඳව රටේ මහනායක හිමිවරු හොදින් දන්නවා. උන්වහන්සේලාට තාක්ෂණය සම්බන්ධයෙන් හොද අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට මෙවැනි විහළු රටට ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න බැහැ. කෙසේ නමුත් මොඩියුලයට වෙඩි අඩවිය සබැඳියක් යොදන්නේ ගිහින් බලන්න. ආණ්ඩුවට මෙවැනි විහිළු වලින් ප්‍රශ්නවලට උත්තර දෙන්න බැහැ.

ඒ වගේම අගමැතිනියට විරුද්ධව ගෙන එන විශ්වාසභංගය විපක්ෂයට දිනන්න පුලුවන්ද බැරිද කියලා සංවාදයක් රට තුළ ඇවි වී තිබෙනවා. සරල ගණිතය අනුව 159 ක මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට සිටින විට විශ්වාසභංගයක් ජයග්‍රහනය කරන්න විපක්ෂයට හැකියාවක් නැහැ. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු අනුමතයි කරයිද නැද්ද කියලා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසු බලාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෙහෙළියට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය වන විපක්ෂය දැනගෙන සිටියා. නමුත් කෙහෙළියට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ නිසා ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් කතා කිරීමේදී කෙහෙළියට අවසානයේ අත්වුණ ඉරණම පිළිබඳව කතාබහ වෙනවා.

ඒ වගේම 6 ශ්‍රේණියේ මොඩියුලයට වැඩිහිටියන් පමණක් වන වෙබ් අඩවියක් දැමිමේ සිද්ධිය පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම මොඩියුල සම්බන්ධයෙන් ගුරුවරු පුහුණු කරලා අවශ්‍ය වැඩසටහන් සකස් කරලා මෙම මොඩියුලය නව පාසල් වාරයේදී ක්‍රියාත්මක කිරීමට දින කිහිපයක් තිබියදී දැනගත්තා වගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.

රටේ අධ්‍යාපන ඇමැතිවරිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කළ මොඩියුල බැලුවේ නැද්ද? අධ්‍යාපන ඇමැතිවරිය ලෙස ඇයගේ ප්‍රධාන කාර්යය භාර්යය වන්නේ එයයි. ඇමැතිවරිය නැතිනම් ඒ වෙනුවෙන් ලේකම්වරයෙක් හෝ වෙනත් නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් සිටිය යුතුයි. ඒ වගේම ඇමැතිවරිය වෙනුවෙන් පෞද්ගලික කාර්යය මණ්ඩලයකුත් සිටිනවා. ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටිනවා. ඔවුන් මේ වගකිම් පිළිබඳව දැනුම්වත් වෙලයි සිටින්නේ. කෙසේ නමුත් මෙම සිද්ධියේ වගකිම භාර ගෙන අගමැතිවරය වහාම ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම මෙම අධ්‍යාපන ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තිබෙනවා.

ඒ වගේම ජාතික ජනබලවේග රජය ගතවුණ වසරක කාලයක තුළ ආණ්ඩුව සිදුකර තිබෙන්නේම ප්‍රමිතියෙන් තොර කටයුතු පමණයි. ආණ්ඩුව ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඒ වගේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් මොඩියුලත් ප්‍රමිතියෙන් තොර මොඩියුල. කෙසේ නමුත් විපක්ෂය පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි අවදානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන් ඒවා සමච්චලයට ලක්කරමින් සිටිනවා.

ඒ වගේම දිට්වා සුළි කුණාටුවේදී ආණ්ඩුව පුර්ණ සුදානම සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ හේතු කාරණා රටට පැහැදිලි කළා. නමුත් නැවතත් පීඩන අවපාතයක් පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඒ දැනුම්වත් වීමෙන් පසු කාලගුණයට සම්බන්ධ සියලුම ආයතන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න කටයුතු කර තිබුණා. කෙසේ නමුත් දිට්වා සුළි කුණාටුව පැමිණිමට පෙර සිදුකළ යුතුව තිබු දේවල් මෙවර සිදුකරන්න රජය කටයුතු කර තිබුණා. මෙවර හෝ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා. දේවල් සිදුවුණාට පසුව ඉගෙන ගන්න එක හොඳයි. කෙසේ නමුත් හෙට රටට බරපතල හානියක් ගෙන දෙන කටයුත්තක් වුණොත් එයිනුත් ආණ්ඩුව අද්දැකිම් ලබාගනිවි. ආණ්ඩු ඉගෙන ගෙන පුහුණු වෙලා රට ගොඩගන්න කටයුතු කරනවිට රට බරපතල අර්බුදයට ගොස් තිබෙන්න පුලුවන්. ඒ වගේම ආණ්ඩුවට යම් දේවල් පිළිබදව ඉගෙනගැනීමට අවශ්‍ය කරන නිහතමානිත්වයත් නැහැ. අධ්‍යාපනයටත් සිදුවුණ වැරද්ද භාර ගැනීමට ආණ්ඩුව නිහතමානි නැහැ. නමුත් ලෝක ඉතිහාසයේ ආණ්ඩු මේ ආකාරයට කටයුතු කරලා නැහැ. ඒ වගේම රටේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී ආණ්ඩුව මීටත් වඩා වගකිමකින් යුතුව කටයුතු කළ යුතුයි.‘‘

SendShareShare
Previous Post

අරගලකරුවන් ඉරාන අගනුවර ගිනි ජාලාවක් කරයි! දැවැන්ත ගොඩනැගිලි-පල්ලිවලට ගිනි තියයි! සියල්ල විනාශයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දැක්කොත් බුවා නැත්නම් එබුවා ! මාසෙකට කලින් මම දැනගෙන හිටියා…! Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.