ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු නිදහස් කිරීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිවුණා. එහෙත් එම සිරකරුවාට සැබෑ ලෙසම ජනාධිපති සමාව හිමිව නැති බවත්, යම් ඉහළ නිලධාරියකු සිදුකළ වංචනික ක්‍රියාවක් හේතුවෙන් මෙම සිරකරුවාට නිදහස හිමිව ඇති බවත් කියැවුණු අතර, මේ වනවිට විට එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාරයේ අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවන් පසුබිමක මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පසුගිය දා මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබූ අතර, පහත පළවන්නේ එම අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටසකි.
‘සමාජය තුළත් මතයක් තියෙනවා මේක අන්තිම දූෂිත ඔවුන්ගේම රාජධානියක් වගේ තැනක් කියලා. අපි ඉස්සෙල්ලාම ගමු මේ සිදුවීම. මේ සිද්ධිය වුණේ සිකුරාදා. අපි තාම කරුණු විමර්ශන කරගෙන යනවා. මේගොල්ලන්ගේ තිබිලා තියෙනවා ක්‍රමවේදයක් ජනාධිපති කාර්යාලයේ ඒ දවස්වල යවන්නේ මෙන්න මේ මේ කැටගරීස්වල වැටෙන අය එළියට යවන්න කියලා විතරයි. නම් ලැයිස්තු ක්‍රමවේදය පටන් අරගෙන තියෙන්නේ දැනට අවුරුදු දෙකකට විතර කලින්. එහෙම නම් ලැයිස්තුවක් එවනවා මේක දෙන්න සුදුසුයි කියලා බලලා. ඊට පස්සේ අපි ඒක යවනවා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා අනුමත කරලා ඒක නැවත එවනවා. ඒක පටන් අරන් තිබුණේ බොහොම මෑතකදී. අපේ ආණ්ඩුව වුණත් ඒ ක්‍රමයම තමයි පටන් අරගෙන තිබුණේ. කිසි කෙනෙක්ට බැහැ ජනාධිපතිවරයාගේ ලැයිස්තුවේ නැති කෙනෙකුට එහෙම සමාවක් දෙන්න. දැන් සිදුවෙන්නේ මොකක්ද? අපි 06 වැනිදා උදෑසන මේක පත්තරෙන් දකිනකොටම අපි ක්‍රියාත්මක වුණා. පහුගිය ආණ්ඩු කාලේ මේ වගේ සිදුවීම් මිනිස්සු පැමිණිලි කරන්න ගියෙත් නෑ මොකද උදේ හවස වෙච්ච නිසා. නමුත් අපේ ආණ්ඩුව කෙරෙහි මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවනේ හරි දේ කරයි කියලා. ඒකනේ මහජනයා බොහොම උනන්දුවෙන් ඒ ගැන පැමිණිලි කරන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මාධ්‍යවලට ඒ කරුණ ගැන. Sri Lanka Latest News
එදා හවස 6 වෙනකොට අපිට හැකියාව ලැබුණා, මොකද පත්තරේ ගිය පමණින්ම අපිට ඇක්ෂන් ගන්න බෑනේ. ඒ කරුණද ඇත්තද, අදාළ පුද්ගලයමද ගිහිල්ලා තියෙන්නේ, ඔහු මේ නම් 380 තුළ ඉන්නවද කියන ඒ සියලු කරුණු හොයලා බලලා, කෝට් රෙකෝඩ් එකෙත් කරුණු හොයලා බලලා හවස 6.30 වෙනකොට අපි පිටු 15කින් යුත් වාර්තාවක් අපි ජනාධිපති ලේකම් කාර්යාලයට යැව්වා. ඒ අනුව බලපුවාම අපිට පැහැදිලිවම පෙනිච්ච දෙයක් තමයි මෙතැන අක්‍රමිකතාවක් වෙලා තිබෙනවා. මක්නිසාද අපි යවපු ලැයිස්තුවෙවත්, ජනාධිපතිවරයා අනුමත කරපු ලැයිස්තුවෙවත් ඉන්න පුද්ගලයෙක් නෙවෙයි මේ අතුර තිලකරත්න කියන්නේ. එතකොට ඒ අක්‍රමිකතාව වුණා. ඒ හින්දා තමයි සිද්ධිය වුණු 06 වැනිදා හවසම ජනාධිපති ලේකම් කාර්යාලය සී.අයි.ඩී. එකට පැමිණිලි කරන්න කටයුතු කරන්නේ. මම හිතන්නේ නෑ කලින් රජයන් මේ වගේ දේවලට මේ තරම් ඉක්මනට ක්‍රියාත්මක වුණා කියලා. නමුත් ඒගොල්ලෝ ෆේස්බුක් එකේ සෝෂල් මීඩියාවල කමෙන්ට් දාන වේගයෙන්, යූටියුබ් වීඩියෝ හදන වේගයෙන් ආණ්ඩු කරන්න අමාරු වුණත් දවසක් තුළ අපි මේ පැමිණිල්ල ගෙනිහිල්ලා තිබුණා.
ඊට පස්සේ චෝදනාවක් ආවා අධිකරණ ඇමැති ඇක්ෂන් ගන්නේ නෑ කියලා. එළවන්න ඕනේ, කනට ගහන්න ඕනේ, තුනෙන් දෙකේ බලයක් දුන්නේ ඕකටද යනාදී කරුණු. නමුත් අත්ත තත්ත්වෙ මොකක්ද? සෙනසුරාදා වෙනකොට අපි සූදානම් අවශ්‍ය මූලික කටයුතු ටික කරන්න. නමුත් ඔය උපදෙස් දෙන කට්ටිය කියන්නේ ව්‍යවස්ථාවේ 55/2 ගැන. ආයතන ප්‍රධානියෙක් හැටියට තමයි බන්ධනාගාර කොමසාරිස් වැඩ කරන්නේ. කැබිනට්ටුවේ තින්දුවක් නැතුව අපිට බැහැ කිසි කෙනෙක්ව අයින් කරන්න හෝ වැඩ තහනම් කරන්න. අධිකරණ අමාත්‍යවරයාටත් බැහැ, ලේකම්වරයාටත් බැහැ. ඒ අනුව, සෙනසුරා ඉදිරි කැබිනට් පේපර් එක හැදුවා. කැබිනට් පේපර් හදනවා කියන්නේ ටිකක් කල් අරගෙන, හේතු දක්වලා, සාධාරණීකරණය කරලා, එයා කරලා තියෙන වැරැදි ටික දක්වලා, ඒ සියල්ලම දාලා කැබිනට් පේපර් එක හදන එක.
ඊට පස්සේ ඉරිදා දවසේ මේක භාෂා තුනටම පරිවර්තනය කළා. ඊට පස්සේ මේක කැබිනට් එකට දැම්මා. දැන් එතකොට අපේ ආණ්ඩුව වේගවත්ව වැඩ කළාද නැද්ද? වැඩ කළා. වේගවත්ව වැඩ කළේ නීතියට අනුව. මොකද මට ලියුමක් යවලා ඕක කරන්න පුළුවන් නම් ඕක සෙනසුරාදාම යවනවා. නමුත් අද කැබිනට් අනුමැතිය ආවා. ඒ අනුව අපි තීන්දු කළේ මොහු වැඩ තහනමට ලක්කරන්නත්, මූලික විමර්ශනයක් කරන්නත්. ඒ අනුව මූලික විමර්ශනයට කාලයක් ගතවෙනවා. ඒ කාලසීමාව තුළ මූලික විමර්ශනය අවසන් කරලා, අවසන් වාර්තාව අනුව වැරැදි කරපු පුද්ගලයෝ හොයලා ඔවුන්ට විරුද්ධව පියවර ගන්නවා….’
A5 News Sri Lanka ෆේස්බුක් පිටුවෙනි










