• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාෆ් එකත් ගත්තා! හරිස්චන්ද්‍ර එකත් ගත්තා! තව පෝලිමක් ගන්න යන මෙයා තමයි ධම්මික පෙරේරා! Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මම 87 ඉඳලා ඉන්නේ අරගලයේ! මේ අගමැති හොඳද නැද්ද කියලා සති දෙකකින් ‌විතර පෙනෙයි! අවුරුද්දක් ගානේ ව්‍යවස්ථා සංශෝධන කරන මේ වගේ රටක් කොහේවත් නෑ! ප්‍රශ්නෙ තියෙන්නේ ඩොලර් හොයන එක! මාස 6කට වගකීම දුන්නොත් කරලා පෙන්වනවා! ධම්මික පෙරේරා කරළියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පහුගිය දවස්වල කාගෙත් මාතෘකාව වුණු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ධම්මික පෙරේරා මේ වසරේ තවත් ප්‍රධාන ගනුදෙනුවක් නිමාකරන ලදී. ඒ හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සීහි සියයට 40.58ක කොටස් රුපියල් බිලියන 2.57කට අත්පත් කරගනිමින්.Sri Lanka Latest News

අද වනවිට ලංකාවේ දෙවැනි ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා මහතාය. හේලීස් සමාගම, සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට නිසි පරිදි ආයෝජනය කිරීමේ දක්ෂතාව නිසා මහා පොහොසතකු වූ පුද්ගලයෙකි.

ධම්මික පෙරේරා ධනවතකු බවට පත්වූයේ වාසනා මහිමය නිසාම නොවේ. එය ක්‍රමවත්ව සකස් කෙරුණු වැඩ පිළිවෙළකි. ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහුට හමුවූ එක්තරා පුද්ගලයකු නිසාය. 1999 දී ඔහු 32 වැනි වියේ පසුවන විට ඉතා වැදගත් ආර්ථික මාර්ගෝපදේශකයෙක් ඔහුට හමුවෙයි. ධම්මික මේ මාර්ගෝපදේශකයා සමග එක්ව විසි අවුරුදු ව්‍යාපාරික සැලැස්මක් සකස් කරගත්තේය. එහි අරමුණ වුණේ වසර 2019 වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශ 12ක ප්‍රමුඛයා බවට ඔහු පත්වීමය. මේ වනවිට එකී ව්‍යාපාරික අංශවලින් 9ක ප්‍රමුඛයා ලෙස ධම්මික කටයුතු කරයි. සංචාරක ව්‍යාපාරය බැංකුකරණය සහ ඇඟලුම් ව්‍යාපාරය මේ ව්‍යාපාරවලට අයත්ය.

ධම්මික පෙරේරාගේ සරල කාර්යාලය කොළඹ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් ගොඩනැගිල්ලේ 29 වැනි තට්ටුවේ පිහිටා ඇත. එය ලංකාවේ උසම ගොඩනැගිල්ලයි. මේ කාර්යාලය සුඛෝපභෝගී විධායකයකුගේ දර්ශනීය කාමරයක් නොවේ. එය ආයෝජන කාර්යාලයකි. ඔහු මේ කාර්යාලයේ සිට විවිධ ආයතනවල බහුතර කොටස් මිලට ගෙන නිකම්ම ඒවායේ ප්‍රධානියා බවට පත්වෙයි. ඊළඟට එම ආයතනයට නායකත්වය දීම සඳහා සුදුසු කළමනාකරුවන් සොයාගන්නා ඔහු ඉදිරි ගමන සඳහා ඔවුන්ට එම ආයතන භාරකරයි. ඔහුගේ රෝයල් සෙරමික්ස් ලංකා ආයතනය වසර 2010 දී හොඳම ආසියානු ශාන්තිකර සමාගම් 200න් එකක් ලෙස ෆෝර්බ්ස් සඟරාව ලැයිස්තු ගතකර තිබිණි. එහි වාර්ෂික ආදායම ඒ වනවිට ඩොලර් බිලියනයකට ස්වල්පයක් අඩු විය.

ඔහු මේ වනවිට සිය ව්‍යාපාරික හස්තය තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, එක්සත් රාජධානිය සහ වෙනත් රටවල් දක්වා ව්‍යාප්ත කර තිබේ. එකී ජාලය තුළ සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 62,000කි. කැනඩාවේ වෝල්මාට් සමාගමට ඔහු භාණ්ඩ සපයයි. එසේම ලිවයිස් ඩෙනිම් සමාගමටද ඔහු රෙදි සපයයි. මීට අමතරව ඩොලර් බිලියන ගණනක වත්කමක් ඔහුට එකතු කරන පෞද්ගලික කැසිනෝ ව්‍යාපාරයක්ද ධම්මික සතුව තිබේ. ඔහුගේ සමාගම් සමූහය නිසි ලෙස බදු ගෙවයි.

ධම්මික පෙරේරාගේ ජීවිත කතාව පටන් ගන්නේ ලෝක ඉතිහාසයේ සිටින ඇතැම් ධනවතුන්ගේ ජීවිත කතාව මෙන් වැරහැලි ගොඩවල් සහ දුප්පත්කම අතරින් නොවේ. ඔහුගේ මුත්තා ඔහු උපන් පයාගල විසූ ධනවත්ම මිනිසාය. මේ ධනවතාට ප්‍රදේශයේ කුඹුරු ඉඩම් බොහොමයක්ම අයත්ව තිබිණි. ධම්මිකගේ පියා සිල්ලර කඩ වෙළෙන්දෙකි. ඔහුගේ මව ගුරුවරියක වන අතර ධම්මිකට මුදල් කළමනාකරණය සහ ජීවන කුසලතා පිළිබඳ පුහුණුව සපයන ලද්දේ ඇය විසිනි. වයස අවුරුදු 11දී ධම්මිකගේ අම්මා මසකට ඔහුට රුපියල් 300ක් දීමට පටන් ගත්තාය.

එතැන් සිට වසර 8ක් තිස්සේ ධම්මිකට පාසල් ගාස්තු ආහාරපාන සඳහා යන වියදම් දරන්නට සිදුවූයේ මේ මුදලිනි. ආයෝජකයකු වශයෙන් ඔහු ජීවිතය පටන් ගනිමින් කොළඹ පිහිටි තම මාමාගේ කඩේ ඉදිරිපිට බඩු විකුණූ පේමන්ට් වෙළෙන්දකුට සුළු පොලියක් මත මුදල් ණයට දෙයි. ඉන් පසු ඔහු ජැක්පොට් යන්ත්‍ර කිහිපයක් මිලට ගෙන ඒවායින් ආදායම් උපයන්ට පටන් ගනී.

1987 වනවිට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ක්‍රමයෙන් උග්‍රවීමට පටන් ගත් අතර මොරටුව විශ්වවිද්‍යාලයේ ඔහු හදාරමින් සිටි උපාධි පාඨමාලාවද කඩාකප්පල් වේ. අනතුරුව තාක්ෂණික කටයුතු පුහුණු වීම සඳහා ඔහු තායිවානයට යයි. තුන් මසකට පසු ආපසු ලංකාවට එන ධම්මික ජැක්පොට් යන්ත්‍ර නිෂ්පාදනය කර අලෙවි කිරීමට පටන් ගනී.
මේ සඳහා පිහිටුවන ලද කුඩා කම්හලේ අධීක්ෂක ලෙස සිය 17 හැවිරිදි සහෝදරයා වන හරීන්ද්‍රගේ සේවය ලබාගැනීමට ඔහුට හැකි වේ. (ඔවුන්ගේ බාල සහෝදරයා වන අනුරුද්ධ ඒ වන විට 15 හැවිරිදි වූ අතර අද ධම්මිකගේ ව්‍යාපාරවල සේවය කරයි. ධම්මිකට සහෝදරියකද සිටී) 1993 දී ධම්මික සූදු ව්‍යාපාරයට අවතීර්ණ වෙමින් සිය පළමු වැනි කැසිනෝව විවෘත කරයි. අද වනවිට ඔහු ජැක්පොට් මැෂින් සාදන්නේ නැත. තම කැසිනෝවලින් ලැබෙන ලාභය තම සමස්ත ව්‍යාපාරවලින් ලැබෙන ලාභයෙන් 3%ත් 4%ත් අතර ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දෙයි.

ඔහුගේ ව්‍යාපාරික නියමුවා ඔහුට හමුවන්නේ 1999 දීය. ඒ විශිෂ්ට පුද්ගලයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත නදීම් උල් හක්ය. ව්‍යාපාරික ලෝකය තුළ හැසිරෙන හැටිත්, කලහකාරී විය යුතු ප්‍රමාණය ගැනත් නදීම් උල් හක් විසින් ධම්මික පෙරේරාට උගන්වන ලදී. අනතුරුව ජර්මනියේ බැංකුවක පැවැති පුහුණු සැසියකට ධම්මික පෙරේරා යැවීමට නදීම් උල් හක් කටයුතු කරයි. මේ ගමන යන ධම්මික ආපසු එන්නේ මුදල් කළමනාකරණය කරන ආකාරයත් අවදානම් මගහැරීමත් ප්‍රගුණ කොටය.
ඉන්පසු එක මේසයක හිඳගන්නා උල් හක් සහ ධම්මික පෙරේරා විසි අවුරුදු ව්‍යාපාරික සැලසුම පිළියෙල කරයි.

තම සාර්ථකත්වය ගැන ධම්මික පෙරේරා තුළ ඇත්තේ ආඩම්බරයකි. අද ඔහුට හිමි රෝයල් සෙරමික් ලංකා සමාගම වසර 2000 වනවිට, එනම් ඔහු එම සමාගම භාරගැනීමට පෙර, උපයමින් සිටියේ අවුරුද්දකට ඩොලර් ලක්ෂ 4ක් පමණි. එහෙත් 2020 වසරේ මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂය තුළ එම සමාගම අපේක්ෂිත ආදායම ඩොලර් දසලක්ෂ 127ක් වන අතර, එයින් ඩොලර් දසලක්ෂ 18ක්ම ලාභ වශයෙන් වාර්තා කෙරෙනවා ඇත.

ඔහු සභාපති ධුරය දරන සම්පත් බැංකුව වසර 2007 වනවිට ඩොලර් දසලක්ෂ 10ක ලාභයක සිට ඩොලර් දසලක්ෂ 41 දක්වා ලාභයකට ප්‍රවිෂ්ට විය. අවුරුදු 135ක් පැරණි ව්‍යාපාරික සමාගමක් වන හේලීස් සමාගමේ කොටස් මිලට ගැනීමට පටන්ගත් ඔහු අද එහි ලොකුම කොටස්කරුවාය. 2020 අවුරුද්දේ සැප්තැම්බර් 30 වැනිදා වනවිට එම සමාගම 12 මාසයක් තුළ ලැබූ ආදායම ඩොලර් මිලියන 615ක් විය. ධම්මිකගේ ලොකුම කොම්පැනිය හේලීස්ය. 2009යේ මාර්තු 31 වනවිට මේ සමාගමේ ලාභය ඩොලර් 28 ලක්ෂය තෙක් ඉහළ ගියේය. ඔහු හේලීස් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වන විට එහි වාර්ෂික ආදායම වූයේ ඩොලර් 25 ලක්ෂයක් පමණි.

ධම්මිකගේ දකුණු අත වන්නේ ඔහුට කිසිම නෑකමක් නැති නිමල් පෙරේරාය. ඔහු නිමල් පෙරේරා හමුවන්නේ වසර 2000 දී පෑන්ඒෂියා බැංකුව මිලට ගැනීමේදීය. 59 හැවිරිදි නිමල් පෑන්ඒෂියා බැංකුවේ සේවය කරමින් සිටියදී එහි කොටස් මිලදීගත යුතු ආකාරය ධම්මිකට කියා දුන්නේය. ධම්මිකගේ පළමුවැනි හෝල්ඩින් සමාගම වැලිබල් ෆිනෑන්ස්ය.
1999 සිට ඔහු භාවනාව ප්‍රගුණ කර තිබේ. භාවනාව මගින් ලබාගත් චිත්ත ඒකාග්‍රතාව හරහා අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වූ බව ඔහු විශ්වාස කරයි. මත්පැන් පානය නොකරන ඔහු චිත්‍රපට බැලීමට කැමැති නැත. ඔහු කාර්වලට ප්‍රියකරන අතර ඒවා මර්සීඩීස් බෙන්ස් රථ පමණක්ම විය යුතුය. මෙතෙක් ගත කළ ජීවිතය තුළ ඔහුට අයත්ව තිබෙන්නේ අතේ බඳින ඔරලෝසු දෙකක් පමණි. ඒ දෙකම රොලෙක්ස් ඔරලෝසුය.

ධම්මික පෙරේරාගේ 2020දී වත්කම ඩොලර් මිලියන 550ක් බව වාර්තා වී තිබේ. 2025 වත්කම් සටහන් නොවී ඇත.

To SUCCESS

SendShareShare
Previous Post

ජෝති කියන්නේ ක්‍රිකට් පිස්සෙක්! කෝල්ට්ස් ගහන හැම මැච් එකකටම ආවා! රෝයි ඩයස් සතියක් හනිමුන් ගියෙ ජෝතිගේ බෙන්ස් කාර් එකේ! පළමු ටෙස්ට් මැච් එක බලන්න ආවේ මිල්ටන් එක්ක! Sri Lanka Latest News

Next Post

අපි අද ‘මව්රට’ පුවත්පතෙන් හෙළිකරපු තොරතුරු සියල්ල පොලිස් ඇමැතිතුමා මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවී තහවුරු කරයි! මෙන්න කුඩු-පාතාලයට එරෙහිව පටන් ගන්න යන යුද්ධය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.