කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු සහ හිටපු මන්ත්‍රීවරු පිරිසක් මාතර කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරියේ අද විරෝධතාවක් පැවැත්වූවා.
ඒ ඉහළ ගිය බඩු මිල අඩු නොවීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගෙනයි.
විරෝධතාව සිදු කරන අතරතුර එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයට සහය දක්වන පිරිසක් ඊට විරෝධය පල කිරීම මත උණුසුම් තත්වයක් ඇති විය.










