• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

JR මරමු! මේක නම් කියවන්නම වටින කතාවක්….! Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
JR මරමු! මේක නම් කියවන්නම වටින කතාවක්….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනක කොත්මලේ ප්‍රදේශයේ මඟුල් ගෙදරකට සහභාගි වීමට මට හැකිවිය. (ව්‍යසනයට පෙර) එම නිවසේ ආලින්දයේ මා අසුන්ගෙන සිටින විට මා ළඟට ආවේ වයස අවුරුදු හැටක් පමණ වන සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුණු මහත්මයෙකි. මා ඔහු සමග කුලුපග විය.Sri Lanka Latest News

‘මහත්මය කොහෙද? ගෙවල් මේ ළඟපාතද?’
‘නෑ මහත්තයො මම අනුරාධපුරේ තලාවෙ.’
‘තලාවෙ? ඒ කියන්නෙ මෙහෙ ඉඳල එහෙන් කසාද බැන්දද?’
‘නෑ මහත්තයෝ අපි මේ මඟුල් ගෙදර අයගෙ ළඟම නෑයො. අපි ඒ කාලෙ හිටියෙ මේ පළාතෙ. අපේ ගෙවල් කොත්මලේ වතුරට යටවුණා. ඊට පස්සෙ අපිට ඉඩම් හම්බවුණා අනුරාධපුරෙන්.’

මට ඔහු ගැන විශාල ගෞරවයක් ඇතිවිය. රටේ ජනතාවගේ සුඛවිහරණය උදෙසා තම උපන් බිම් පූජා කළ මිනිසෙකි.
‘එතකොට මහත්මය එහෙ මොකද කරන්නෙ?’
‘අපිට ගොඩ ඉඩම් අක්කර බාගෙකුයි කුඹුරු අක්කර දෙකහමාරකුයි හම්බවුණා මහත්තයො. අපි ඒව කරගෙන ජීවත් වෙනව.’
‘ඒ ප්‍රමාණය ඇතිද ජීවත් වෙන්න?’
‘අපෝ ඇති මහත්තය කන්න දෙකේ වී ටික විකුණගත්තම හොඳටම ඇති.’
‘එතකොට ගෙවල් හදල දුන්නද ආණ්ඩුවෙන්?’
‘නෑ මහත්තය ඒ කාලේ රුපියල් 90,000ක් වන්දි හම්බවුණා ගේ හදාගන්න.’
ඒ 1985 වසරය. මම එම මුදලේ අද දවසේ දළ වටිනාකම ්ෂ ඨැපසබසවලින් ඇසුවෙමි. අද එම මුදලේ වටිනාකම මිලියන හතකි.
‘තව ගොඩක් මෙහෙන් ගිය අය ඉන්නවද ඔයා වගේ?’
‘ඔව් මහත්තය කොත්මලේ ගොඩක් අය ඉන්නෙ තඹුත්තේගම’
‘තඹුත්තේගම…..????’

මට දැවැන්ත ගැටලුවක් එක්වරම ආවත් මේ සොඳුරු මිනිසා සමග ඒ මාතෘකාව කතාකිරීමට යාම අපරාධයක් සේ දැනුණි.
මම කතාව ගොතා ගතිමි. කොත්මලේ වේල්ලට යටවුණු මේ මහතාගේ ඉඩම්වලට එවක පැවැති රජය මොවුන් අනුරාධපුරයේ ස්ථානගත කර ඔවුන්ට ජීවිකාව කරගෙන යාමට ගොඩමඩ ඉඩම් ලබාදී නිවසක් සාදාගැනීමට මුදල්ද උපරිමයෙන් ලබාදී ඇත.

1979 වසරේ ක්‍රියාත්මක වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවුණු කොත්මලේ වේල්ල 1985 වර්ෂයේ විවෘත කෙරිණි.
මට මේ ව්‍යාපෘතිය ආරම්භ කළ ජේ.ආර්. ජයවර්ධන මහතා සහ එය ක්‍රියාත්මක කළ ගාමිණී දිසානායක මහතා මතක්විය.
1979 යනු සමාජ මාධ්‍ය නැත. ජංගම දුරකතන තබා දුරකතන සම්බන්ධතා තිබුණේ තැපැල් කන්තෝරු කිහිපයක පමණි. රුපවාහිනී නැත. මිනිසුන්ට තොරතුරු ගැනීමට තිබුණු එකම මාර්ගය ගුවන්විදුලිය පමණි. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමට කිසිම ක්‍රමවේදයක් නැත.

මෙවැනි පරිසරයක ඉදිරියට වසර සියයක් පමණ එක දිගට ජල විදුලිය ලබාදී ඩොලර් බිලියන ගණනක් රටට ඉතුරු කරන ආකාරය ගැන ජේ.ආර්. ජයවර්ධන ඇතුළු නායකයන් මෙම ව්‍යාපාරය ගැන සිතන්නට ඇත්තේ කෙලෙසකද? මට නම් එය පුදුමයකි. අපට එය පුදුමයක් වන්නේ එවන් නායකයන් අද නැති නිසාය. ඒවා නායකයන් සතු ගුණාංගයන්ය.
අපේ රට ලෝකයේ අනෙක් රටවල් මෙන් දියුණු කළ යුතුය. මිනිසුන්ට විදුලිය ලබාදිය යුතුය. ඒ විදුලිය පාවිච්චි කර වෙළෙඳ කලාප පිහිටුවිය යුතුය. (කටුනායක, බියගම) ඒවායේ මසන අඟලුම් අපනයනය කර ඩොලර් ඉපයිය යුතුය. එම ඩොලර්වලින් තෙල් ආනයනය කළ යුතුය. එම තෙල් ප්‍රවාහනයට සහ ජලවිදුලිය නිපදවීමට නොහැකි කාලවල විදුලිය නිපදවිය යුතුය. ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන එලෙස සිතන්නට ඇත.

මම ගණන් හදා බැලුවෙමි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ 1985 විවෘත කළ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු සියලු බලාගාරවල නිපදවන විදුලිය අද දක්වා ඩීසල්වලින් නිපදවූවා නම් දළ වශයෙන් ඩොලර් බිලියන 15ක් පමණ වැයවනු ඇත. එයින් කෘෂිකර්මාන්තයට දායක වුණු මුදල ගණන් බැලීමට පවා නොහැක. ඩොලර් බිලියන 15ක් යනු මෑතකාලීනව ඉදිකළ ලෝකයේ විශාලතම සහ මිල අධිකම ගුවන් තොටුපළ වන චීනයේ පිහිටි ඊැසවසබට ෘ්ංසබට ෂබඑැරබ්එසදබ්ක එයාපෝට් එක තැනීමට ගිය වියදමට සමානය. මා මෙම ලිපිය ලියන මොහොතේ විදුලිබල මණ්ඩලයේ වෙබ් සයිට් එක පරික්ෂා කළෙමි. ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 32%ක් අද වනවිට මහවැලි බලාගාරවලින් ලබාදේ.

මහවැලි ව්‍යාපාරය නිසා ගම්බිම් හැරගිය මිනිසුන් පදිංචි කර සෑදූ ගිරාඳුරුකෝට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය නගර දෙකම පසුගිය ගංවතුරට යටවුණේ නැත. අද දින ඔබ එක්වරම දෑස් වසා දෙහිඅත්තකණ්ඩිය නගරයට ගොස් අත ඇරියොත් ඔබ සිතනු ඇත්තේ ඔබ ඉන්නේ බම්බලපිටිය වැනි කොළඹ නගරයේ තැනක කියාය. වසර තිහකට පමණ පෙර ගොඩනැගූ මෙම නගරවල පාරවල් එතරම් පළල්ය. අලුත් ගොඩනැගිලි බොහෝ ඉදිවී ඇතත් එහි තදබදයක් නැත. ලංකාවේ ලොකුම වටරවුම තියෙන්නේද එහිය. නගරය සමග එහි ඉදිකළ යටිතල පහසුකම් ඉදිරි වසර සියයකටත් ගැළපෙන ආකාරයට සකසා ඇත.

ඒ ප්‍රදේශවල මහවැලි ව්‍යාපාරයෙන් මිනිසුන්ට ලැබුණු ඉඩම්, පසුගිය ගංවතුරට 25%ක් තරම්වත් යටවුණේ නැත. ඒ 25% යටවුණේද මෙතරම් කැපකිරීමක් කර සෑදූ මේ ව්‍යාපෘතියේ ජල කළමනාකරණය කරගැනීමට නොහැකි වීමෙන්ය.

විජේවීර කියූ දේ අසා අප මහවැලිය නොහදා සිටියේ නම් ප්‍රතිඵලය මම නොකියමි. එකක් කියමි. පසුගියදා වැටුණු වර්ෂාව නිසා එකතුවුණු ජල කඳ යම් තරමින් හෝ පාලනය වූයේ ඔය ජලාශ නිසාය. නොතිබුණා නම් මහවැලිය මල්වතු ඔය හරහා මඩකළපුවෙන් බැස යාමට ඉඩ තිබිණි.

දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය තැනීමට මුලපිරුවේ චන්ද්‍රිකාය. වෙනදා පැය පහකින් පමණ කොළඹට පැමිණි ඇඹුල්තියල් ඇතුළු දකුණු පළාතේ සියලු නිෂ්පාදන පැයකින් හෝ දෙකකින් කොළඹට පැමිණියේ ඉන් පසුය. වෙලාව ඉතුරු වීම සහ කාර්යක්ෂම ප්‍රවාහනය හේතුවෙන් දකුණු පළාතේ අපනයනකරුවන්ට එය විශාල පහසුවක් විය.

කටුනායක ගුවන්තොටුපළ අසලින් පිටත්වුණු සංචාරකයකුට දකුණු පළාතේ ඕනෑම හෝටලයකට යාමට ගතවන කාලය පැය දෙකකට අඩු විය. පසුගිය ව්‍යසන සමයේ පවා සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් නොවූයේ මේ මාර්ග පද්ධතිය නිසාය.

මහින්ද කළ ව්‍යාපෘති ගණන මෙහි ලිවීමෙන් සහ පසුගිය වසර ගැන සහ ඉදිරි වසර හතර ගැන ලිවීමෙන් මෙම ලිපිය දිගුවනු ඇත. ඒවා ගැන ඉහත ව්‍යාපෘති සමග ගළපා තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔබට ඇතැයි සිතමි.

අවසානයට මෙසේ ලියමි. ‘එහෙනම් මේ රට දියුණු උනේ නැත්තෙ ඇයි?’ කවුරුන් හෝ මෙම ලිපියට කොමන්ටුවක් විදිහට මෙවැනි වැකියක් කොටනු ඇත. පහළින් ඇති පිළිතුර ඔවුන්ටය.

නායකයන්ගේ වැරදි අඩුපාඩු බොහෝ තිබිණි. මා පැවැසුවේ ලංකාවේ හිටපු නායකයන්ගේ අනාගත දැක්මය. ඔවුන් හෝ ඔවුන්ගේ ගෝලබාලයන් මේ ව්‍යාපෘති කරද්දී කොමිස් ගසන්නට ඇත. වංචා දූෂණ සිදුවන්නට ඇත. මා ඒ කිසිවක් සාධාරණීකරණය කරන්නේ නැත. එහෙත්?

මෙවන් ව්‍යාපෘති එම නායකයන් ක්‍රියාත්මක කළේ මහවැලිය ක්‍රියාත්මක කිරීමට එපා කියූ නායකයන් සහ ජනතාවගේ දේපළ වන බස් රථ, ට්‍රාන්ස්ෆෝර්මර් ගිනි තබා ඩොලර් බිලියන ගණනක් අපිට අහිමි කළ ගෝලබාලයන් සිටින රටකය. මොනවා කළත් වැරදි අඩුපාඩු පමණක් කියූ මිනිසුන් සිටින රටකය.
දැක්මක් නැති නායකයන් රටකට කුමටද?

මෙම ලිපිය ලියුවේ ඔබට සිතන්නට මිස කිසිවකු බලයට ගෙන ඒමේ අදහසකින් නම් නොවන අතර මෙහි ‘අතන ගාන වැරදියි’, ‘අරක හැදුවේ එයා නෙවෙයි’ මෙයා වැනි දේවල් ගැන නොසොයා සමස්ත පින්තූරය දැකීමට උනන්දුවන්න.

රසංග අල්විස්

SendShareShare
Previous Post

විදුහල්පතිය හරිද – සිසුවිය හරිද වැඩක් නෑ! සිරිමාවෝ විදුහලට වෙච්ච කළු පැල්ලම මකා දමන්න! ආණ්ඩුවේ සමහර වැඩ නිසා දරුවන් නොමග ගිහින්! Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් වෙනිසියුලාවට බෝම්බ ගහයි! ජනපති මදුරෝ සහ බිරිය අල්ලාගෙන රටින් පිටුවහල් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.