රාජපක්ෂවරුන් සමග අන්තර්වාර පාලන ආණ්ඩු බිහිකොට කිසිදු පළක් නොවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් සමග ආණ්ඩු හදන්නේ නම් ඒ නරාවළට වැටීමට සියලු දෙනාටම සිදුවනු ඇති බවකි.
එමෙන්ම හොරු අල්ලන ක්‍රියාදාමය යහපාලන ආණ්ඩුවේදී අක්‍රිය කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත්, ඔහුද ගෝලබාලයන් හත්අටදෙනකු යොදාගෙන ජාවාරම් සිදු කළ බවත් ඒ මහතා කීය.











