හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ හිටපු අමාත්‍යවරයා ලද කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදියි.
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරමින් තිබුණි.
එම සිදුවීමට අදාළව හිටපු අමාත්‍යවරයාට අද පෙරවරුවේ එම විමර්ශන කොට්ඨාසය සඳහා පෙනී සිටින ලෙස දන්වා තිබුණි.










