සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් සම්මත කොට තිබූ යෝජනාව ඉවත් කිරීමට එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගෙන ඇති තීන්දුවට ප්‍රතිචාර දක්වමින් සජබ ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ තවදුරටත් සජබ මන්ත්‍රීවරුන් හට එජාප සාමාජිකත්වය අවශ්‍ය නැති බවකි. Sri Lanka Latest News
සමගි ජන බලවේගය නව පක්ෂයක් ලෙස පිහිටුවනු ලැබුවේ එජාප නායකත්වයේ දුර්වලතා හේතුවෙන් නිසා බවත්, එජාපය මේ දක්වා නිවැරැදි මාවතට පිවිස නැති බවත් රෙහාන් ජයවික්‍රම මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.
එමෙන්ම කිසිදු මන්ත්‍රීවරයකුට එකවර පක්ෂ දෙකක සාමාජිකත්වය දැරිය නොහැකි බවද එහි සඳහන්ව තිබේ.
ඒ අනුව රෙහාන් ජයවික්‍රම මහතා පෙන්වා දෙන්නේ එජාප නායකත්වය විසින් පළකොට ඇති මෙම පුවත ව්‍යාජයක් බවකි.
ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව සජබය සහ එජාපය අතර කිසියම් සංහිඳියාවක් ගොඩනැගෙමින් පැවැතියද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහු සමීපයේ සිටින කිහිප දෙනකු මුල සිටම සිටියේ මෙම එකමුතුව කඩාබිඳ දමන ස්ථාවරයකය.
වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනිමෙන් පසු ඒ මහතාගේ නිදහස වෙනුවෙන් සජබය අවංකව පෙනීසිටියද වික්‍රමසිංහ මහතා ඇප ලබා රෝහලෙන් පිටව යෑමත් සමග යළිත් වතාවක් සුපුරුදු පරිදි සජබයත් සජබ නායකත්වයත් ඉලක්ක කර එජාපය පාර්ශ්වයෙන් පහර දුන් ආකාරයක් දැකගත හැකි විය.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ මස්සිනා වන රුවන් විජේවර්ධන මහතාට අයත් පුවත්පත් සමූහය උපයෝගී කොට ගෙන මෙසේ ගොඩනැගෙමින් පැවැති සජබ – එජාප එකමුතුව කඩාබිඳ දැමීම සඳහා ව්‍යාජ පුවත් පළකළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී විපක්ෂයේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව කියමින් සහ සජිත් ප්‍රේමදාස මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබී ඇති බව කියමින් අසත්‍ය පුවත් පළකොට සජබයත්, සජබ නායකත්වයත් අසීරුතාවට පත්කළ ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණි.
එමෙන්ම එජාප පක්ෂ සම්මේලනයට සජබයටද ආරාධනා කොට ඇති බවත්, එම ආරාධනාව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පිළිගෙන ඇති බවත් කියමින් රුවන් විජේවර්ධන මහතාට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ තවත් අසත්‍ය පුවතක් පළකිරීමටද කටයුතු කොට තිබිණි.
එමෙන්ම සජබ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවටද පුවත් පළකොට තිබිණි.
ඒ අනුව අද දිනයේදී තවත් පුවතක් පළකරමින් මාධ්‍ය වාර්තා කොට තිබුණේ එම යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්ද සම්මත කළ බවකි. නමුත් අද දිනයේදීම ඊට ප්‍රතිචාර දක්වමින් සජබ ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා පෙන්වා දී ඇත්තේ මේ සියල්ල ව්‍යාජයක් බවත්, එජාප පක්ෂ සාමාජිකත්වය තවදුරටත් සජබ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නැති බවත්ය.
SJB members have no need for their UNP membership to be reinstated. Nothing in the UNP has changed to suggest that our members are in any way beholden to its leadership. We formed our own party for a reason, and it is clear that one cannot belong to two parties at once. The… https://t.co/X6fUB4t7ey
— Rehan Jayawickreme (@RehanJayawick) September 17, 2025










