මුස්ලිම් කොංග්‍රසයේ හිටපු (නැසිගිය) ඇමතිවරයකු වන නුර්දින් මෂූර් මහතාට අයත් පුත්තලම නාගවිල්ලව ප්‍රදේශයේ සුවිසල් නිවසට ඇතුළු වි රුපියල් ලක්ෂ 160කට අධික රන්,මුදල් හා අනිකුත් දෑ සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පැවසිය.
නුර්දින් මසුර් මහතා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජනප්‍රිය දේශපාලඥයකු ද විය. ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වසර 10කට පමණ පෙර මරණයට පත්වී තිබේ.
හිටපු ඇමතිවරයා ව්‍යාපාරිකයකු වු අතර ඔහුට හිමි ව්‍යාපාර රැසක් මෙරට හා විදේශයෙහි තිබු බව පොලිසිය කියයි.
ඇමතිවරයාගේ මරණින් පසු ඔහුගේ බිරිය අදාල නිවසේ රැදි සිටි අතර එම නිවසේ ඇය දින කිහිපයක් නොමැති අවස්ථාවකදි මෙම සොර කණ්ඩායම කඩා වැදි එහි තිබු රන් හා මුදල් සොරා ගෙන ඇති බව කියයි.
එසේම අදාල රන් හා අනිකුත් භාණ්ඩවලට අමතරව නිවසේ තිබූ රුපියල් තුන් ලක්ෂ හැට දහසක මුදලක්ද මෙහිදී සොරා ගෙන ඇති අතර එම මුදල් තැන්පත් කර තිබු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා සේප්පුව කඩා දැමීමට උත්සාහ කිරීම හේතුවෙන් එයට දැඩි අලාහානි සිදු වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
නාගාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ත් 30 ක් අතර තරුණයන් දස දෙනෙකු පමණ මෙම සොරකමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වෙනවිට ප්‍ර දේශයෙන් පලාගොස් ඇති බව ද විමර්ශන කටයුතු වලදී හෙළි වී තිබේ.
කෙසේ වෙතත් පෞද්ගලික තොරතුරුකරුවන්ගෙන් ලැබූ තොරතුරු මත සොරාගත් භාණ්ඩවලින් කොටසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන් වේ.
මෙම සැකකරුවන් කීපදෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවද ප්‍ර දේශවාසීහු කියති.










