නොරෝච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයා ලොජ් හිමියකුගෙන් මුදල් ගන්නා බවට වූ හඩපට මේ වනවිට එළියට පැමිණ ඇති බව මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අද දින පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා හට පැමිණිලි කර සිටියේය.Sri Lanka Latest News
හෙතෙම එම පළාතේ මත්ද්‍රව්‍යවලට සහාය පළකරන බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
මෙතෙක් එම ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් වගකිවයුත්තන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙම හඩපට අප සතුවද පවතින නමුත් එහි සදහන් කරුණු ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කිරීමට නොහැකි බැවින් එය අප පළ කරන්නේ නැත.
පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද කියා සිටියේ ආරක්ෂක අංශවල සේවයේ නියුතු කිහිප දෙනකුද මෙම මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධව කටයුතු කරන බවත්, ඔවුන් වහාම එම කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කළ යුතු බවත්ය.










