ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදීම නිසා පාර්ලිමේන්තුවෙන් අභිනව ජනාධිපතිවරයා පත් කිරීමද තවදුරටත් කල් යනු ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට ඊයේ (13) බාරදීමට නියමිතව තිබුණත් එය එදින සිදු නොවීය.
එදින බාර දෙනු ලැබුවේ නම් පාර්ලිමේන්තුවහෙට (15)දිනයේ රැස්වී අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කලින් තීරණය කර තිබිණ.
එහෙත් ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීම ප්‍රමාදවීම නිසා අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ කටයුතු සඳහා පාර්ලිමේන්තුව හෙට දින රැස්වීමටද නොහැකි වනු ඇත.
එසේම අභිනව ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීමද කල් යනු ඇත.











