ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී සිදුවූ අනතුරට හේතුව පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් ලෙස ඒ පිළිබඳ වාර්තාවේ සඳහන් වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු මේ බව අනාවරණ කළේ ඊයේ (23) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ එක්වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
“ගුවන් යානයේ බදේ ප්‍රශ්නයක් හෝ පරණකමක් එහෙම නෑ. ගුවන් යානයේ එංජිමේ ප්‍රශ්නයක් නෑ. පරණ ප්ලේන් එකක් නෙමෙයි. ප්ලේන්වල L බෝඩ් ගහපු නැති වුණාට ගියපු අය පුහුණු වෙන කට්ටිය. ඒ අයගෙන් අත්වැරදීමක් සිදුවෙලා තියෙනවා. ඒ හැර වෙන දෙයක් සිදුවෙලා නෑ.”










