ශ්‍රී ලංකා මහබැංකුව සතු සංචිත ප්‍රමාණය මෙම වසර අග වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් ලෙස පැවතිය යුතු නමුත් එම ඉලක්කය සපුරා ඇද්දැයි යන ප්‍රශ්නයට මහබැංකුව පිළිතුරු ලබාදිය යුතු බව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.Sri Lanka Latest News
එසේම මහබැංකුව සිය ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් රුපියල ආරක්ෂා කරගෙන තිබේද යන්නත් මන්ත්‍රීවරයා විමසා සිටියේය.
එසේම පසුගිය ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති නමුත් මහබැංකු අධිපතිවරයා පවසන්නේ, ආධාර වෙනුවට ණය ලබාදිය හැකි බව කී මන්ත්‍රීවරයා මෙම තත්වයන් ජනතාවට පැහැදිලි කරදීමට රජය සහ මහබැංකුව පියවර ගන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.










