• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරි දියෙන් දෙව්වත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්! Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කිරි දියෙන් දෙව්වත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගල්අඟුරු සම්බන්ධව ප්‍රශ්නයක් ගැන ඩී.වී. චානකත්, පුබුදු ජයගොඩත් මතුකරනවා තර්කයක්. ඉතින් අපි මේ ගැන හෙව්වා. ලක්විජය විදුලි බලාගාරයට ගල්අඟුරු සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධව තමයි මේ විදිහට යම් සාකච්ඡාවක් මතුවෙලා තියෙන්නේ.Sri Lanka Latest News

පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානකත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩත් මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතුකළා. රටට සපයන ගල්අඟුරු කිලෝග්‍රෑමයක අඩංගු වියයුතු කිලෝ කැලරි ප්‍රමාණය 5,900ක් හෝ ඊට ඉහළ අගයක තිබිය යුතුයි කියලා කියනවා. නමුත් මේ ආසන්න කාලයේ ලැබුණු ගල්අඟුරු තොගය ඉතාම ගුණාත්මක බවින් අඩුයි කියලා තමයි මේ තර්කයේ තියෙන්නේ.

අපි දන්නවා ලංකාවේ තියෙන්නේ ගල්අඟුරු බලාගාර එකයි. වසර පුරාම නොරොච්චෝලේ දුවන්නට නම් සාමාන්‍යයෙන් ගල්අඟුරු නැව් 40කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි කියලා කියනවා. මේ ප්‍රදේශයට හැමදාම ගල්අඟුරු අරන් එන්න බැහැ. ඒ නිසා මැයි ඉඳලා අගෝස්තු දක්වා තමයි වාරකන් සමය. ඒ කාලේ මේ ගල්අඟුරු ප්‍රමාණය ගෙනැල්ලා තමයි සියලු කටයුතු සිද්ධ වෙන්නේ.

ගල්අඟුරු සැපයුම්කරුවකුට ටෙන්ඩර් කැඳවලා, ඔවුන් විසින් සැපයුම්කරුවා තෝරාගැනීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. මෙවර ගල්අඟුරු තොගය සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ.

දකුණු අප්‍රිකාවේ ආර්.සී.බී.ටී. වරායෙන් ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 60,000කට සමාන පළමු ගල්අඟුරු තොගය මෙරටට ගෙනා බව කියනවා. එම ගල්අඟුරු තොගය නැව්ගත කිරීමට පෙර සාම්පල් කිහිපයක් පරීක්ෂාවට ලක්කරන්න කටයුතු කරලා තිබුණා. දකුණු අප්‍රිකාවෙන් ලබාගත් ගල්අඟුරු සාම්පල්වල වාර්තා ලැබෙන්නේ මැලේසියාවෙන්. ඒ අනුව එම කිලෝග්‍රෑමයක අඩංගු කිලෝ කැලරි ප්‍රමාණය 6,060ක් කියලා කියනවා.

නමුත් මෙරටට ගල්අඟුරු තොගය ගෙනාවට පස්සේ එයින් සාම්පල් හතරක් පරීක්ෂා කරද්දී, මේ කිලෝ කැලරි ප්‍රමාණයන් 5,689, 5,830, 5,739 සහ 5,760 වශයෙන් අගයන් පහළ ගොස් තිබෙන බව සඳහන් වෙලා තියෙනවා. මේ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ගැටලුසහගත බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කරලා තියෙන්නේ.
ඒ නිසා මේ ගල්අඟුරු ප්‍රශ්නය දැන් ඉතාම තීව්‍ර සහ සටන් පෙරමුණක ඇවිළෙන සටනක් බවට පත්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා නොරොච්චෝලේ බලාගාරය අපේ රටේ ප්‍රධාන ධාරාවට විශාල වශයෙන් බලපෑම් කරන එකක්. මේ සම්බන්ධවත් විවිධ තර්ක විතර්ක පසුගිය කාලේ ඇතිවෙලා තිබුණා. ඒ නිසාවෙන් මේ ගල්අඟුරුවල ගුණාත්මකභාවය අඩුයි කියන එකත් එක්ක තව ලොකු අර්බුදයක් නිර්මාණය වෙන්න නියමිතයි කියලයි මේ අය කියන්නේ.

දැන් ගල්අඟුරු සම්බන්ධව මේ වැය දරන්නේ මහජනතාව. ඒ නිසා මේක රජයේ සල්ලි, රටේ සල්ලි. ඒවා තමන්ට අවශ්‍ය විදිහට පරිහරණය කරන්න කිසිවකුට අයිතියක් නැහැ කියලත් මේ වෙනකොට මේ තර්කය ඇතුළේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම මේ ගල්අඟුරු සැපයුම්කරුවා කවුද? මේ සැපයුම්කරුවාට ලබාදුන්නු විශේෂ වරප්‍රසාදය මොකක්ද කියන එක ගැන හොයලා බලද්දී මෙන්න මෙහෙම එකකුත් කියනවා.

සාමාන්‍යයෙන් ටෙන්ඩරයක් ලබාදෙන කාලය දින 42යි. නමුත් මෙවර දින 21කට අඩු කරලා මේ ටෙන්ඩරය කැඳවූ බවත්, මේ සම්බන්ධයෙන් සියලු ටෙන්ඩර්කරුවන්ගෙන් ඉදිරිපත් වූ දැඩි විරෝධතාවක් නිසාවෙන් මේ ගැන දැන් කතාකරන්න සිද්ධ වෙලා තියෙන බව තමයි කියන්නේ. ඒ අනුව අදාළ ආණ්ඩුව මේ ටෙන්ඩර්කරුට ගල්අඟුරු තොග සොයාගැනීම වෙනුවෙන් කාලය වෙන්කරලා විශේෂ වරප්‍රසාද ලබාදීලා තියෙනවා කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා.
මේ චෝදනාවට පිළිතුරු ලබාදෙමින් විවිධ අවස්ථාවලදී ආණ්ඩුව විවිධ ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශවලදී ඔවුන් කියන්නේ මේ ගල්අඟුරු සම්බන්ධව ප්‍රශ්නය මීට වඩා වෙනස් කියලා. නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාත් මේ සම්බන්ධව අපි දැක්කා කතාකරලා තිබුණු ආකාරය. ඔවුන් කියන්නේ මේ සම්බන්ධයෙන් තවමත් නිසි ප්‍රකාශයක් ඔවුන්ගෙන් ලැබෙන්නේ නැති බවයි.

පසුගිය 13 වැනිදා පැවැත්වුණු කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කිසිදු වරදක් සිදුවී නොමැති බව. 2021 වර්ෂයේ ටෙන්ඩර් පත්‍රිකාවේ සඳහන් වන ගල්අඟුරු ගෙන්වන ක්‍රියාවලියට ඉල්ලුම් කළ හැකි කිලෝග්‍රෑමයකට කිලෝ කැලරි 5,900ක මට්ටමේ පවතින ගල්අඟුරු මෙටි්‍රක් ටොන් මිලියනයක ප්‍රමාණයක් ව්‍යාපාර කර ඇති සමාගම්වලට පමණක් බව. නමුත් 2025 වර්ෂයේ ටෙන්ඩරයේදී ගල්අඟුරු මෙටි්‍රක් ටොන් මිලියනය කියන එක ගල්අඟුරු ටොන් ලක්ෂය දක්වා අඩු කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා.

ඒ අනුව මේ ගල්අඟුරු සම්බන්ධව ප්‍රශ්නය දැන් දරුණු අතට හැරෙමින් තිබෙනවා. මේ සම්බන්ධව විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වෙමින් තිබෙනවා. ගල්අඟුරු අර්බුදයක් බවට නිර්මාණය වෙමින් තිබෙනවා. දේශපාලන වාසි ලබාගන්නට විපක්ෂය කරන චෝදනාවක් නම් මේක වහාම ඔවුන් අකුළා ගත යුතුයි. මොකද අපි දන්නවා මේ වෙලාවේ විපක්ෂයත් හදන්නේ ආණ්ඩුවේ යම් යම් පොඩි පොඩි වැරදි ලොකුවට පෙන්වන්න. අර ඇහේ පරාල තියාගෙන අනුන්ගේ පොල්කොහු පෙන්වන්න බැහැ කියන එක ඉතාම සාධාරණ නැහැ. නමුත් තර්කයක් නම් මෙය නිවැරදි විය යුතුයි, නිශ්චිත විය යුතුයි. ඒ නිසා බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ මේ කාරණාවේදී.

කොහොම වුණත් මේ අර්බුදය දැන් ඉතාම දරුණු අතට හැරුණු අර්බුදයක් නිසා අපි සියලු දෙනා මේ ගැන අවධානයෙන් සහ කල්පනාවෙන් බලා ඉන්නවා. රටට විදුලිය ඕනේ. රටට විදුලිය කපපු කාලයක් තිබුණා. විදුලිය කැපීම සම්බන්ධව ආණ්ඩුවට චෝදනා ආවා. ආණ්ඩුව විදුලිය කැපුවට පස්සේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න සිද්ධ වුණා. කරන්ට් එක කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා කරන්ට් වද්දගන්නේ නැතුව ප්‍රශ්නය විසඳන්න කියලා අපි ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මාස ගානක් හදන්න යන රොකට් ලෝන්චර් දවසෙන් හැදුවා ! කාටවත් හිතාගන්න බැරි විදියට රොකට් ලෝන්චර් රීප්‍රොග්‍රෑම් කළා ! දිලිඳු රටවල තියෙන මිසයිල් පද්ධති අක්‍රීය කලා! ඊශ්‍රායල් මොසාඩ් එකත් බයවෙච්ච ලංකාවේ මොළකාරයා ඊශ්‍රායලයේදීම මැරුණාද – මාරුවාද? Sri Lanka Latest News

Next Post

නුවරඑළියෙ ගියා තමයි තාමත් කඳු කැඩිලා – අතරමගදි තැන් තැන්වල ගල් එහෙමත් රැඳිලා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.