ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයක් හෝ ශාස්ත්‍රීය ගීත නොමැති බව නව පරපුරේ සංගීතඥයකු වන හේෂාන් ගමගේ මහතා පවසනවා. හේෂාන් ගමගේ කියන්නේ ඉන්දියාවේදී ශාස්ත්‍රීය සංගීතය ඉහළටම හදාරපු තරුණයෙක් Asianmirror.lk සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News
‘මම කියනවා ලංකාවේ එක ශාස්ත්‍රීය ගීතයක්වත් නෑ. ඒකට හේතුව, ශාස්ත්‍රීය ගීත වෙන්නේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් (Rules and Regulations) තියෙන කොම්පොසිෂන් (composition) එකකට විතරයි. ඔන්න මම පොයින්ට් එකකට ආවා.
එතකොට ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු බර ගානක් තිස්සේ ඇවිල්ලා ඇවිල්ලා, රිසර්ච් කරලා කරලා කරලා, මෙන්න ස්කේල් එක, මෙන්න කියන වෙලාව, මෙන්න මේකේ ගන්න පුළුවන් නෝට්ස්, මෙන්න මේ ඔමිට් කරන නෝට්ස්… ඊට පස්සේ මේක තමයි මේ චරිත ලක්ෂණ කියලා ඒ රාගවලට හැදෙනවා. එක රූපයක් හදනවා.
දැන් සින්දු එහෙම හදන්න බෑනේ. සින්දුවල එහෙම එකක් නෑ. මට ඔයා දැන් වචන ටිකක් දුන්නොත්, මම දැන් මෙලඩි එකක් දානවා. දැන් බර වචන ටිකක් ඔයා දෙන්න, මම දැන් මෙලඩියක් දානවා. බර නෝට්ස් ටිකක් දාලා, ඕනෙ නම් මම රාගයක ස්කේල් එකකින් ගන්නවා. ඒක ශාස්ත්‍රීය ගීතයක් වෙන්නේ නෑ.
දැන් මේක අනිවාර්යයෙන්ම අපේ කට්ටිය තේරුම් ගන්න ඕනෙ දෙයක්. එතකොට ගොඩාක් ළමයි අපි ළඟට ඇවිල්ලා කියනවා, ‘සර්, මම කියන්නේ ශාස්ත්‍රීය ගීත’ කියලා. ඒ මොනවද කියලා ඇහුවාම, ඒගොල්ලෝ උත්තර දෙන්නේ ශාස්ත්‍රීය විදියට ඉන්න අයගේ ගීත තමයි ඒගොල්ලෝ ශාස්ත්‍රීය ගීත කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ ශාස්ත්‍රවන්තයෝ වගේ පේන, ඔය අපි වගේ මේ පියර්සින් කරලා පච්ච ගහලා නැති, පිවිතුරු චරිතයක්. ඒ සින්දුවේ නිකන් ‘ආ ආ ආ’ කියල එකක් තිබ්බොත්, හරි, ‘සරිගමපධනිස’ නැත්නම් ‘ග ප ධ ප නි ධ’ වගේ මොනවා හරි වචන ටිකක් තිබ්බොත්, සහ බර වචන ටිකක් තිබ්බොත්… එතකොට අපේ ලංකාවට වැරදිලා තියෙන තැන කොතැනද දන්නවද? දැන් මේ ශාස්ත්‍රීය විදියට හැදිලා තියෙන ගීතවල, එක එලිමන්ට් එකක් තියෙනවා. මොකක්ද දන්නවද? ස්කේල් එක. ස්කේල් එක තමයි අරන් තියෙන්නේ. අපි හිතමු ‘හංස රාජිනී’ එකේ අරන් තියෙන්නේ අපි හිතමු මාල්කවුන්ස් කියන ස්කේල් එක. මාල්කවුන්ස් ස්කේල් එකේ තියෙන්නේ සා, ගා, මා, ධා, නී, සා නෝට්ස් පහයි. එතකොට ස්කේල් එකකට අවම තියෙන්න ඕනේ පහයි නෝට්ස්.
එතකොට ඒ ස්කේල් එක විතරයි අරන් තියෙන්නේ. දැන් රාගයක් කම්ප්ලීට් වෙන්න එලිමන්ට්ස් ගොඩක් ඕනේ. සහ ඒ භාෂාව තියෙන්නත් ඕනේ. හරිම කනඅගාටුයි කියන්න, සමහරක් රාග හදලා තියෙනවා සිංහල වචන දාලා. කිසිසේත්ම විය නොහැකියි. සිංහල වචන දාලා රාග හදන්න බෑ. කැතයි ඒක. ගැළපෙන්නෙම නෑ. අඹ දෙල් වගේ.
එතකොට දැන් ස්කේල් එක ගත්තා. අරන්, අපි හිතමු ‘හංස රාජිනී’ කියලා. ‘…සැලෙනා නයන යුග… මඳහස පාලා… නූපුර ජාල හඬා නද දීලා…’ කියලා කිව්වා.
දැන් ඔතැන කියන්නේ, භාවිත කරන වෝකල් කැපෑසිටි එක ශාස්ත්‍රීය නෙමෙයි. අපේ ලංකාවේ තියෙන ශාස්ත්‍රීය ගීත කියන ආවේශයක් තියෙනවා. ඒකෙ කලර් එකක් තියෙනවා. ඒ කලර්ස්වලට නෙමෙයි ශාස්ත්‍රීය ගීත සින්ග් කරලා තියෙන්නේ. ලයිට් වොයිස් එකකින්. එතකොට ක්ලැසික් වොයිස් එකක් හැදෙන්න කාලයක් යනවා. මේකට එක්කෝ වෙස්ටර්න් ක්ලැසික්, එක්කෝ ඔපෙරා, එක්කෝ මේක රාග්… ඕකේ කලර් එකක් තියෙනවා.
ඒ අය, අපේ සුනිල් එදිරිසිංහ මහත්තයා… පැණි වැක්කෙරෙන්න ගායනා කරලා තියෙනවා. අපේ එඩ්වඩ් ජයකොඩි මහත්තයා, අපේ අමරදේව මහත්තයා ඒගොල්ලෝ ගැන නෙමෙයි මේ කියන්නේ. මේ හුදෙක් කොම්පොසිෂන් එක ගැන කියන්නේ. මේක ක්ලැසිකල් නෙමෙයි. ක්ලැසිකල් නම් එලිමන්ට්ස් තියෙන්න ඕනේ. ඊට පස්සේ ක්ලැසික් වොයිස් එක යූස් කරන්න ඕනේ. මේ නාභිද්වාරා කියලා කියන්නේ, මේ හරහා එන්නේ මේක. ඒක මේ හුදෙක්ම චෙස්ට් වොයිස් එකකින් සොෆ්ට් කරලා කියන එකක් නෙමෙයි. ඒවල සංඝටක තියෙනවා. ඒක නිසා අපේ ගීත කිසිසේත්ම ශාස්ත්‍රීය වෙන්නේ නෑ. අපේ ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයකුත් නෑ. උත්තර ටික කියන්නම්. කරුමෙටම හැදිලා නැහැ. ඊට පස්සේ ශාස්ත්‍රීය ගීතත් නෑ. ශාස්ත්‍රීය ගීතවලට අරන් තියෙන්නේ එක එලිමන්ට් එකක් වගේ තමයි. ඒ ස්කේල් එක. ස්කේල් එක අරන් පොඩි චරිත ලක්ෂණ ටිකක් පෙන්නුවා කියලා ඒක ශාස්ත්‍රීය ගීතයක් වෙන්නේ නෑ.’
එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින් බලන්න.
Asianmirror.lk










