• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔවුන් ගුරුවරුන් වූ විට ඔහු ශිෂ්‍යයෙක් වූ විට ඒ සඳහා යොදන්නට සිරස්තලයක් නැත! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ඔවුන් ගුරුවරුන් වූ විට ඔහු ශිෂ්‍යයෙක් වූ විට ඒ සඳහා යොදන්නට සිරස්තලයක් නැත! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය පටන් ගන්නේ කොහොමද? ඇත්තටම පත්තරකාරයෙක් විදිහට වසර ගණනක අත්දැකීම් තියෙන, රටේ මනුස්සයෙක් විදිහට වසර ගණනක අත්දැකීම් තියෙන, රට වටේ ඇවිදලා තියෙන මනුස්සයෙක් විදිහට මේ රටේ දේවල් දැකලා, අහලා මට හොඳට පුරුදුයි. බොහෝ වෙලාවට සාමාන්‍ය කෙනෙක්ව පුදුමකරවන සිදුවීම්වලින් අපි වගේ පත්තරකාරයෝ පුදුම වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහෙක්ව කලබල කරවන සිදුවීම්වලින් අපි වගේ පත්තරකාරයෝ කලබල වෙන්නේ නැහැ. සාමාන්‍ය මනුස්සයෙක්ව බයකරන දේකින් අපි වගේ පත්තරකාරයෝ බය වෙන්නේ නැහැ. ඒකට හේතුව පත්තරකාරයෝ පොරවල් කියන එක නෙමෙයි, පත්තරකාරයන්ට දැකලා, අහලා, විඳලා හොඳට පුරුදුයි බොහෝ දේවල්. ඒ නිසා හුඟාක් දේවල් ඔබට සාමාන්‍ය නොවුණට අපිට ඒවා සාමාන්‍යයි. ඒත් විශ්වාස කරන්න, මෙය මට කිසිසේත්ම සාමාන්‍ය දෙයක් නෙමෙයි. මෙය මට අසාමාන්‍යයි. සමහර විට ඔබට දැනෙයි මේක සාමාන්‍යයි කියලා.Sri Lanka Latest News

මේකේ අර්ථය ගත්තම, සිදුවීමේ හරය තියෙන්නේ මේ විදිහට. කාන්තාවක් පිරිමියෙක් ඉදිරියේ තමන්ගේ නිරුවත් ශරීරය පෙන්වනවා. ඔහු ඒ ශරීරය දිහා බලාගෙන රස විඳිනවා. මේක හරිම සාමාන්‍යයි. මේක මේ රටේ සිද්ධ වෙච්ච පළමුවැනි වතාව නෙමෙයි. මේක මේ සිද්ධ වෙච්ච දෙවැනි, තුන්වැනි, හතරවැනි, පස්වැනි වතාව නෙමෙයි. පිළිවෙළට ගණන් හදලා බැලුවොත් මේක සිද්ධ වෙච්ච ලක්ෂවැනි වතාව නෙමෙයි, දසලක්ෂ වැනි වතාවත් නෙමෙයි, සමහර විට ඊටත් වැඩිය ඇති. පුරුද්දක් විදිහට මේ වැඩේ කරන තරුණ තරුණියෝ ඕනෙ තරම් ලංකාවේ ඇති.

එහෙම නම් ඇයි මේක මෙච්චර තැතිගන්වනසුලු, කුතුහලය දනවනසුලු සිදුවීමක් වෙන්නේ? මේ චරිත පිටිපස්සේ තියෙන උප්පැන්න සහතික සහ ඒ අයට අදාළ වෙච්ච වෘත්තීන්, තනතුරු සහ ඒ අය කවුද කියන එක අපි දන්නවා. ලිංගිකත්වයේදී තරාතිරම වැදගත් නැහැ. ලිංගිකත්වයේදී ආකර්ෂණය තමයි වැදගත්. කාන්තාවක් ස්වභාවයෙන්ම ජානමය ලක්ෂණවලින් නිර්මාණය කරලා තියෙන්නේ තමන් සතු තමන්ට පෙනෙන ආකර්ෂණීය පිරිමියා ඉදිරියේ ලිංගිකව තෘප්තිමත් වෙන්න. මේ ලිංගික තෘප්තිය කියන එක අපිට දීලා තියෙන්නේ වරප්‍රසාදයක් විදිහට, එහෙම නැත්නම් බෝනස් එකක් විදිහට. හැබැයි සොබාදහම මේ බෝනස් එක අපිට දීලා, මේ තෘප්තිය අපිට දීලා අපිව රවට්ටලා එයාට අවශ්‍ය දේ කරගන්නවා. මොකක්ද එයාට අවශ්‍ය දේ? වර්ගයා බෝකිරීම. තෘප්තිමත් නොවේ නම්, ඉන් රසයක් නැත්නම් අපි සමහර විට දරුවෝ හදන්නේ නැහැ. ඒ නිසා දරුවෝ හැදීමේ ක්‍රියාවලිය, වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය, පරම්පරාව ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය වඩා ආකර්ෂණීයව සිද්ධ කරගන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දීලා, ඉන් අපිට තෘප්තියක් ලබාදීලා, ඒ වැඩේ කරනවට අපිට පොඩි බෝනස් එකක් දීලා, අපිට සන්තෝසමක් දීලා ඒ වැඩේ අපි ලවා ඒ වැඩේ කරගන්නවා. ඕක තමයි ඇත්ත. ඒක බොහොම සරල සාමාන්‍ය දෙයක්ද? ඔව්, හරි සාමාන්‍යයි. තරුණියක් තරුණයෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක සාමාන්‍යයි. ප්‍රේම සබඳතා කියන ඒවා සාමාන්‍යයි. ඒ කරන තැන, ඒ කරනකොට තමන් තමන් කවුද කියන එක, ඒ කරනකොට කාටද පේන්නේ කියන එක, ලිංගිකව හැසිරෙන ස්ථානය සම්බන්ධව නීතිරීති පවා හදලා තියෙනවා.
ප්‍රශ්නය තියෙන්නේ මේ වතාවේ මේ පින්තූර පිටිපස්සේ තිබුණු චරිත. මේ ගුරුවරියක්. මේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. ඒ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ පාසලේ නම අපි දන්නවා, අද වෙද්දි මුළු රටම දන්නවා. අපි ඒක නොලිව්වා කියලා රකින්න දෙයක් නැහැ. අපිට රකින්න තිබුණා ඒක, ආරක්ෂා කරන්න තිබුණා, හැබැයි ආරක්ෂා කරගන්න බැරුව ගියා. ඒ පාසල එක ළමයෙක්ගේ පාසලක් නෙමෙයි. මේ පාසලේ ශිෂ්‍යයෝ ලක්ෂ ගණනක් ඉගෙනගෙන තියෙනවා. ඒ අතර වෙද්දි ඒ ලක්ෂ ගණනේ හරය වටිනාකමට හරබැර සටහන් කරලා මේ පිරිමි ළමයාගේ නමත් එක්ක වටිනාකම ගොඩක් අඩුවෙලා කියලා අපිට හිතෙනවා. ඒක වෙන්න බැහැ.

එතකොට මේ පින්තූර හතරක්, මෙතැන ඉන්නවා හතර දෙනෙක්. හතර දෙනාම ගුරුවරු. ගුරුවරියන් හතර දෙනෙක්ව තමන්ට අවශ්‍ය විදිහට මෙහෙයවලා, කැමරාව ඉදිරියට ගෙනල්ලා, ඒ අයගේ ඇඳුම් ගලවන්න පුළුවන් වීම හැඟීම් මත සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. දෙදෙනෙක් හදිස්සියේ කොහේ හරි තැනක හුදෙකලා වුණාම, ඒ දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ගොඩනැගුණාම, දෙදෙනාම හදිසියේ තමන්ගේ තෘප්තිය උදෙසා යම්කිසි දෙයක් සිද්ධ වීම දෙදෙනාම නොදැන සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒකට මූලික වෙන්නේ හැඟීම්. ඒ හැඟීම් අපිට ස්වභාදහම විසින් දීලා තියෙන ඒවා. ඒවයින් අපිට බේරෙන්න බැහැ, ගැළවෙන්න බැහැ, පැනලා යන්න බැහැ. ලිංගිකත්වය කියන එක එහෙම එකක්. තෘප්තියෙන් පසුව තමයි ඔවුන්ට දැනෙන්න පටන් අරගන්නේ තමන් කරපු වැරැද්දේ තියෙන බරපතළකම. ඒත් ප්‍රශ්නය තියෙන්නේ මෙතැන එහෙම නැහැ. මේක ගෙදර ගිහිල්ලා, ලෑස්ති වෙලා, පරිසරයක් නිර්මාණය වෙනතුරු ඉඳලා, නියම වෙලාව වෙනකම් ඉඳලා ඔහුගේ දුරකතන ඇමතුමක් එක්ක වීඩියෝ කෝල් එකක් අරගෙන.
මේ ගුරුවරියන්ගෙන් කිසිවෙක් ඉන් තෘප්තියක් ලබන බව පේන්නේ නැහැ. ඒ අයට මේකේ අවශ්‍යතාවක් නැහැ. ඒගොල්ලෝ මේ පිරිමි ළමයාව තෘප්තිමත් කිරීම සඳහා තමන්ගේ නිරුවත ඔහුට පෙන්වනවා.

කොහොම වෙතත් මේ සෙල්ලම පිටිපස්සේ තියෙන්නේ මොකක්ද කියන එක ගැන අපිට නම් තේරෙන්නේ නැහැ. සමහරු කියනවා සල්ලි කියලා. සමහර විට එහෙම වෙන්න පුළුවන්. එහෙම නැතුව මේකේ ප්‍රේමය හෝ ලිංගිකත්වය හෝ තෘප්තිමත් වීම හෝ වෙන දෙයක් නැහැ. මේ පිරිමි ළමයා පුනරුත්ථාපනය කරන්න ඕනේ. ඔහු ඇබ්බැහි වීමක් එක්ක ඉන්න කෙනෙක්. ඔහු බින්දේ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ පදනම. ඔහු කඩලා දැම්මේ අපි විසින් ගොඩනගා ගත්ත වසර ගණනක පරතරය. දැන් ඔහු අපිට පෙන්වලා දුන්නේ, දරුවන්ට පෙන්වලා දුන්නේ, පාසල් පරම්පරාවට පෙන්වලා දුන්නේ, අධ්‍යාපන ක්ෂේත්‍රයට පෙන්වලා දුන්නේ බරපතළ කාරණාවක්. මේ පරතරය මිදීමත් එක්ක මේ ගල්ලෙන බින්දට පස්සේ තවදුරටත් මේ ලෙන් දොර අරින එක නවත්තන්න හරි අමාරු වෙනවා.

ඒ නිසා මම මේක සමාජ මාධ්‍ය තුළත් ලිව්වා. ගුරුවරියක් වෙන එක ලංකාවේ වෛද්‍යවරියක් වීමට වඩා අමාරුයි. ගුරුවරියක් වෙන්න විශ්වවිද්‍යාලයේ යනවා. විශ්වවිද්‍යාලයෙන් පස්සේ ඔවුන් තවත් විභාගයකට ලියනවා. ඒක උසස් පෙළ විභාගය තරම්ම තරගකාරී විභාගයක්. ගුරුවරියක් ලෙස පත්වීම සඳහා ලියන විභාගය. ඒ විභාගයෙන් පස්සේ විශේෂ පුහුණුවීම් රාශියක්. අධ්‍යාපනය සඳහා මනෝ විද්‍යාත්මක පුහුණුවීම්, ගුරුවරියක් පාවිච්චි කරන ඉගැන්වීම් උපක්‍රම, විෂය නිර්දේශ සම්බන්ධ දැනුවත් කිරීම් සියල්ලම කරලා කරලා ඔවුන් දැඩි පුහුණුවීමකින් පස්සේ තමයි පාසල තුළට මුදාහරින්නේ. කොච්චර පුහුණු වෙනවද කියනවා නම් හමුදා පුහුණුවකට හා සමාන පුහුණුවීම් සමහර ගුරුවරුන්ට ලැබෙනවා. ඉතින් මෙහෙම පුහුණු වෙලා පුහුණු වෙලා, ඔවුන්ට දේවල් කියලා දීලා කියලා දීලා, අපි දන්නවා සමහර වෙලාවට ගුරු පුහුණුවේදී, නැත්නම් ටීචින් ප්‍රැක්ටිස් එකේදී බඩ චුට්ටක් පෙනුණාම ඔවුන්ට ගුරුවරු බණිනවා මෙහෙම බඩ පේන්න අඳින්න බැහැ කියලා.

අපි දන්නවා ගුරු අභ්‍යාස විද්‍යාලවල ගුරුවරියකගේ ඇඳුම පිළිබඳ කොච්චර සැලකිලිමත් වෙනවද කියලා. හැබැයි ඒක පිටිපස්සේ ඉන්න කාන්තාව, පිරිමියා ගෙදර ගිහිල්ලා කැමරාවක් ඉස්සරහා ඇඳුම් ගලවනවද නැද්ද කියන එක ගැන බලන්න ගුරුවරුන්ගේ පුහුණුවීම් ඇතුළේ මිනුම් දණ්ඩක් නැහැ.
ඉතින් මේ කාරණාව සම්බන්ධව විවිධ දේවල් විවිධ අයට කතා කරන්න පුළුවන්. හැබැයි අපේ අතර හැදිච්ච මේ පරතරය ආයෙත් අපිට ඕනේ. බොහෝ චිත්‍රපටවල ප්‍රේමය තියෙනවා ගුරුවරු සහ ගෝලයන් අතර. හැබැයි මේ ප්‍රේමය නෙමෙයි. ඒ නිසා ඒක වරදවා වටහා ගන්න එපා. ප්‍රේමය කියන්නේ රස දෙයක්. හැබැයි මේක රස දේකට වඩා මේක නීරස මත්වෙන ලොල් වෙන සැර දෙයක්. මේ ලබන තෘප්තිය හෙටත් ඔහුට අවශ්‍ය වුණොත් ඔහු මේ නිරුවත හොයාගෙන යයි.

ඊළඟ කාරණාව, ගුරුවරියක් වෙලා අල ගෙඩියක් තරම්වත් මොළ ගෙඩියක් නැත්නම් මේ වගේ මිනිස්සුන්ව පාසල් අධ්‍යාපනය ඇතුළේ දරුවන්ට උගන්වන්න යොදවලා මේ මිනිස්සුන්ගෙන් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ, තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති මෝඩ ගොන් හැතිකරයක් එක්ක අපි කොහොමද ඉස්සරහට යන්නේ? තමන් මේ කැමරාව ඉස්සරහා ඇඳුම් ගැලෙව්වට පස්සේ ඒක පටිගත කරගන්න පුළුවන්, ඒක ගබඩා කරගන්න පුළුවන්, ඒක තියාගන්න පුළුවන් කියන එක තරම් බුද්ධියක් නැති ගුරුවරු පාසලෙන් අයින් කරන්න ඕනේ. ඇත්තටම මේ ශිෂ්‍යයාට නිරුවත පෙන්වීමේ වරදට නෙමෙයි. ඔවුන් ඉවත් කරන්න ඕනේ තාක්ෂණය ගැන හරි දැනුමක් නැතුව මොංගල් විදිහට හැසිරීමේ වරදට. ඔවුන්ට නිරුවත් වීම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන් දැනගත යුතුයි, මේ ලිපිය කියවන ඔබ සියලු දෙනාම දැනගත යුතුයි, අපි දැන් ජීවත් වෙන්නේ කැමරාවලින් වට වෙච්ච ලෝකයක. මේ තාක්ෂණය ඔබට මට මිත්‍රශීලී නැහැ. මේ තාක්ෂණයෙ ඕනෙ තරම් රිංගවන්න පුළුවන් හිල් තියෙනවා. පැනලා යන්න පුළුවන් තැන් තියෙනවා. මේ එහෙම එකක්. මෙවැනි සිදුවීම් ලක්ෂ ගණනක් සදාතනිකව වැළලී ගිහින් ඇති. අපිවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැතුව.

අපිට ප්‍රශ්නයක් නැහැ ඔබේ වයස, තරාතිරම, තත්ත්වය, ඔබ ලිංගිකව හැසිරෙන්නේ කවුරු එක්කද, ඔබේ සම්බන්ධතා තියෙන්නේ කවුරු එක්කද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒක නොදකින තාක්කල්. මේ සමාජය ඒක නොදන්නා තාක්කල්. අපි දන්නවා සමහර දේවල් තියෙනවා එළියේ නොකරන. ඔබ මලපහ කරන්නේ නැහැ ඔබේ නිවස ඉදිරිපිට, ඔබේ කොමඩ් එක තියාගෙන නැහැ ඔබේ ආලින්දයේ. අපි දන්නවා ඔබේ නිවසේ කොමඩ් එකක් තියෙනවා කියලා. නමුත් ඒක තියෙන්නේ කාමරයක් ඇතුළේ දොරවල් වහලා. ඇතුළට ගියොත් විතරයි දකින්නේ. ඔබ මලපහ කරන අවස්ථාව ඔබේ පෙම්වතා පෙම්වතිය එක්ක බෙදාගන්නේ නැහැ. ඒක ඔබ කරන්නේ රහසින්. අපි දන්නවා ඔබ මලපහ කරනවා කියලා. එතකොට මෙවැනි දේවල් සඟවාගත යුතුයි, රහසේ කළ යුතුයි. මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියකුටම ලිංගිකේන්ද්‍රයක් තියෙනවා. කාන්තාවන්ට, පිරිමින්ට, හාමුදුරුවරුන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට, දේශපාලකයන්ට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ හැමෝටම තියෙනවා. ඒවායේ හැඩතල, පාට, දිග පළල වෙනස් ඇති. හැබැයි ඔවුන් ගාව ඒක තියෙනවා කියලා ඔවුන් ඒක පෙන්න පෙන්න යන්නේ නැහැ. නීතියක් නැතත් නීතියෙ රිංගා යන්න පොඩි කොනක් තිබුණත් මිනිස්සු ඒක පෙන්න පෙන්න යන්නේ නැහැ.

ඒ නිසා නෝනාවරුනි මහත්වරුනි, කරන මඟුලක් කරගන්න තාක්ෂණයෙන් වහං වෙලා. ගෙවල් හදලා කාමරවල දොරවල් වහගෙන ලිංගිකව හැසිරුණා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ගල්ගුහාවල ජීවත් වෙන කාලේ නෙමෙයි මේ. ඔබේ නිවසට දොරක් ඇති, ඔබට නිවසක් ඇති. ඔබ යන එන මගතොට ඕන තරම් පහසුකම් තියෙනවා. ලිංගිකත්වය අලෙවි කරනවා, ගණිකාවෝ ඉන්නවා. මේ හැමදේම රහසින් නමුත් පහසුවෙන් සිද්ධ වෙන දේවල්. එවැනි දේ තියෙද්දිත් ඔබේ ආත්ම ගෞරවයට මේ තරම් විනාශයක් සිද්ධ කරගන්න තරම් ඔබට පිස්සුද කියලා මම මේ ගුරුවරියන්ගෙන් අහනවා. පුළුවන් නම් දන්න කෙනෙක් අහන්න. මට ඔය ගුරුවරියන්ගෙන් අහන්න තියෙන ප්‍රශ්නය ඇයි ඔයා මේ ළමයා ඉස්සරහා ඇඳුම් ගැලෙව්වේ කියන එක නෙමෙයි. මට අහන්න තියෙන ප්‍රශ්නය ඇයි තාක්ෂණය ගැන මෙච්චර විශ්වාස කරන්නේ? කොහොමද ඔබ මේ මොබයිල් ෆෝන් එක විශ්වාස කළේ? දැන් ඔබ දන්නවාද ඔබට වෙන්න තියෙන නරකම දේ වෙලා ඉවරයි. ඔබට කවදාවත් මේ වීඩියෝ ටික අයින් කරගන්න බැහැ. ඔබට කිසිම දවසක මේ වීඩියෝ නොමැති සමාජයක ජීවත් වෙන්න බැහැ. මේ වීඩියෝ සියලු ජංගම දුරකතනවලින් සියලු පරිගණකවලින් මකා දමන්නට තව වසර බිලියනයකටවත් බැහැ. එහෙම වෙනවා නම් මේ ලෝකය විනාශ වෙන්න ඕනේ. ඒක මම කියන්නේ ගුරුවරියෝ හතර දෙනා බය කරන්න නෙමෙයි. මම දන්නවා මේ වෙලාවේ මේ කතාව දැනුණම ඒ ගුරුවරියෝ හතර දෙනාට සියදිවි නසාගන්න හිතෙයි කියලා. එහෙම කරගන්න එපා, සියදිවි නසාගැනීම උත්තරයක් නෙමෙයි. ඒක මෝඩ වැඩක්. මොකද ඔබ මැරිලා යන්නේ වැරදිකාරියක් විදිහට. ඔබ ජීවත් වෙලා තව අවුරුද්දක් දෙකක් යද්දි මේක සාමාන්‍ය අතට හැරෙයි. ඒක වෙනම කතාවක්. ඒත් මට ඕනේ මේ ගුරුවරියෝ හතර දෙනා පරිස්සම් කරනවට වඩා මෙවැනි සිදුවීම්වලට මුහුණ දීමට නියමිත ඊළඟ පරම්පරාව පරිස්සම් කරන්න. ඊළඟ පරම්පරාවට මේ සිදුවීමට මුහුණ නොදෙන පරිසරයක් නිර්මාණය කරන්න.

ඔබ කිසිසේත්ම තාක්ෂණය විශ්වාස කරන්න එපා. මේ තාක්ෂණයේ අයිතිකාරයෝ ඉන්නවා. මේ ඔබ පාවිච්චි කරන සියලු ඇප්වලට අයිතිකාරයෝ ඉන්නවා. ඒවා ඒගොල්ලන්ගේ දේපළ. ඔබ කරන්නේ එයාගේ ඉඩමට ගිහිල්ලා ප්‍රසිද්ධියේ ඇඳුම් ගලවන එක. අපි හිතනවා මෙතැන ආරක්ෂිතයි කියලා, ඒත් ඔබ දන්නේ නැති වුණාට හතර වටේ කැමරා දාලා තියෙන්නේ. ඔබේ නිරුවත ඔබේ. එය ඔබ තව කෙනෙකුට පරිත්‍යාග කරනවා නම් එය ඔහුත් ඔබත් පමණක් ඇති තැනක කරගන්න කියලා අපි මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා හිටිනවා. ගොවි, වෙද, ගුරු, කම්කරු, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, මාධ්‍යවේදී, ක්‍රීඩක ක්‍රීඩිකා, උපාසක උපාසිකා සියලු දෙනාගෙන් අපි ඒ ඉල්ලීම කරනවා. මොකද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න තරම් අපේ සමාජය තවමත් පරිණත නැහැ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අමතක වෙලාද? මගහරිනවද? AKD මේ ටික කියවන්න! Sri Lanka Latest News

Next Post

මම ගොඩක් ඇක්ටිව් කෙනෙක්…! මේ මගේ පළවෙනි අත්දැකීම…! මගේ උපරිමය මම දෙනවා…! හේෂරාවි වරංගනා I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.