කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නවතා තිබෙන බවට ප්‍රචාරයක් ගෙන ගියද කිසිසේත් කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදු කිරීම නවතා නොමැති බව කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ මදුභාෂිණී කරුණාරත්න මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.Sri Lanka Latest News
සිසේරියන් සැත්කම් දුරට අවශ්‍ය ඖෂධයක් ඉදිරි දින කිහිපයකට පමණක් සීමා වී ඇති බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත්,එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු රෝහලට අවශ්‍ය එම ඖෂධ ඉදිරි දිනයකදී ලබාදීමට එකඟ වූ බවත්, මේ වන විටත් එම ඖෂධ ප්‍රමාණයක් රෝහලට ලැබී ඇති බවත්,එම නිසා රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකිරීම අඛණ්ඩව සිදුවන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.










