• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරුවරුන් පාසල් සිසුන්ව දාලා හදලා තියෙන වට්ස්අප් ගෲප් ගැන දෙමව්පියන්ගෙන් පැමිණිලි රැසක් ඇවිත්! බැරිම තැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගුරුවරුන්ට නියෝග රැසක්! ගුරුවරු මේවා කරලා තිබ්බොත් නීතිය ඉදිරියට යන්න වේවි! I Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ගණන් සර් බලු වැඩක් කරයි! අම්මලා හරි වැඩක් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

එම අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය විසින් අදාළ චක්‍රලේඛය සියලූම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.

අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණයට වට්ස්ඇප්, වයිබර් හා ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන මෙවලම් භාවිත කිරීම හඳුන්වා දුන් අතර මේ වනවිටත් එම යෙදවුම් දරුවන් භාවිත කරමින් සිටින බවය.

ඒ හේතුවෙන් ඇති වෙන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශයට තොරතුරු වාර්තා වෙමින් පවතින බව ද එහි සඳහන්ය. 

ඒ අනුව සන්නිවේදන යෙදවුම් භාවිතයේ දී පහත උපදෙස් පරිදි කටයුතු කරන ලෙස සියලු ගුරුවරුන් හා අදාළ පාර්ශවයන් වෙත දැනුම්දී තිබේ.

පාසල් ප්‍රධානීන්/නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන ගුරුවරුන් අදාළ සන්නිවේදන සමුහයේ (Whatsapp වැනි) පරිපාලක (Admin) ලෙස කටයුතු කරමින් නිරන්තර අධීක්ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක මට්ටමින් සන්නිවේදන සමූහය පවත්වාගෙන යා යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කර ඇති පාසල් කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සජීවීව සිදු කිරීමෙන් විෂය නිර්දේශය ආවරණය කිරීමට කටයුතු කළ යුතු අතර විෂය නිර්දේශ ආවරණය සඳහා සන්නිවේදන සමූහ භාවිතයෙන් වැළකිය යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා සන්නිවේදන යෙදවුම් භාවිත කරන්නේ නම්, සුහුරු තාක්ෂණික උපකරණ පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන බව සහතික කරගැනීම සඳහා සුවිශේෂී ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය උපකරණ ආදිය පිළිබඳව දැනුම් දීමේදී විධිමත් සැලැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව සිහිකැඳවීම් යොමු කිරීම් සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු වේ.

සිසුන් විසින් නිවසේ දී සිදුකළ යුතු අභ්‍යාස හා පැවරුම් ආදිය සිසුන්ට ලබාදීම් පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු අතර දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින්ද අපහසුතාවයට පත් කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බව තරයේ අවධාරණය කරමි.

පොදුවේ සලකන කල්හි මෙවැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන් මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවුඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට, නිවේදන ආදී කිසිවක් යොමු කිරීම සිදුනොකළ යුතු අතර එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධව විනයානුකූලව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව දන්වා සිටිමි.

රාජකාරිමය වශයෙන් සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ වන ආකාරයේ සන්නිවේදන යෙදවුම් සමූහයන්වලට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වාගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කිර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට විය හැකි හානි සම්බන්ධව අදාළ සමූහයන්හි පරිපාලකයින් විසින් පූර්ණ වගකීම දැරිය යුතු වේ. ඒ හා සම්බන්ධයෙන් මතුවන ගැටලුවලදී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගනු ලබන බව ද දන්වමි.

SendShareShare
Previous Post

වැස්ස වැඩිවෙයි! අකුරණ-වත්තේගම යටවෙයි! බදුල්ලේ නායයාමක්! බදුළු ඔයත් පිටාර මට්ටමේ! I Sri Lanka Latest News

Next Post

මතකනෙ සාගල…! ඡන්දෙන් පැරදිලා ගෙදර ගිය හාදයා රනිල්ගෙ ආරක්ෂක උපදේශක වෙලා ආවාම ඩිෆෙන්ඩර් 6ක් විතර පස්සෙන් ගියා! මම පොලිස් ඇමැති! අපි ඉස්සරහෙන් පස්සෙන් ආරක්ෂාව තියාගෙන ඇවිත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.