පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුළු ඔය ජල මට්ටම වැඩි වී ඇති බවත් ඒ හේතුවෙන් ඒ අවට ජීවත් වන පුද්ගලියින් විමසිලිමත්ව සිටින ලෙසත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී තිබේ.Sri Lanka Latest News
මේ අතර හාලිඇළ – වැලිමඩ මාර්ගයේ 100 කිලෝමීටර් කණුව අසල නායයාමක් සක්‍රීය වීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව ඇති බවත් පොලීසිය පවසයි.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබේ.
පවතින වර්ෂා සහිත කාලගුණිත තත්ත්වය හේතුවෙන් අකුරන නගරය ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් මහනුවර යාපනය A9 මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.
හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.










