• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ සන්ධාන පසුපස වරදාන නෑ! එකම අරමුණ රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි! ජී. ඇල්. -ඩිලාන් -වසන්ත යාපා – නාලක ගොඩහේවා- උපුල් ගලප්පත්ති – කේ.පී.එස්. කුමාරසිරි එක්ක අලුත් සන්ධානයක් හදමින් සජිත් කරපු කතාව මෙන්න! PHOTOS I VIDEO I Sri Lanka Latest News

April 5, 2024
in Exclusive
Reading Time: 23 mins read
A A
Share on WhatsAppShare on Facebook

කඩාවැටුණු ගරා වැටුණු දේශයක් නව පුනර්ජීවනයක් තුළින් ශක්තිමත් ඉදිරි ගමනක් ක්‍රියාත්මක කර අප රට ආර්ථික, සමාජයීය ඛේදවාචකයෙන් මුදවා ගැනීමේ ගමනට මුල පුරන තවත් වැදගත් අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් සමගි ජන බලවේග ගමනේ ප්‍රධාන තේමාව වන්නේ ‘තමන්ට පෙර රට’ බවත් පොදු ජන වරමින් බිහි වන රජයේ කිසිදු අයකුට පෞද්ගලිකව සුන්දර නොවන බවත් සමගි ජන බලවේග රජය තුළ රටේ තාවකාලික බාරකරුවන් ලෙස උපරිම කැපකිරීමෙන් සුපුරුදු වරදාන වරප්‍රසාද සියල්ලක්ම පසෙකලා ලක්ෂ 220ක් වු සුවහසක් ජනතාවගේ ආර්ථික සමාජයීය දේශපාලන සුබසාධන අයිතිය රැකගැනීමේ ගමනක පෙරමග ගමන්කරුවන් ලෙස ඉදිරිපත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

ශ්‍රී ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට යොමුවන බවත් කරන්නා වූ සෑම ක්‍රියාදාමයක්ම පොදුජන හිතෛශී පොදුජන කේන්ද්‍රීය පොදුජන සහභාගීත්ව මෙන්ම පොදුජන උන්නතිය තකා රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන්නට කටයුතු කරන බවත් සමාජ සමානාත්මතාව හා සාධාරණත්වය යන ප්‍රතිපත්තිවලට මුල්තැන ලබා දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් තුළ මානුෂීය ධනවාදයත් ජනතාවාදී සමාජවාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මුසුකරගෙන සෑම න්‍යායකම තිබෙන ධනාත්මක ගුණාංග එකතු කර ගත් මැද මාවතක් හරහා ඉදිරි ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයත් නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 6 දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනතාව මත පදනම් වූ සෞභාග්‍යයක් ඇති කර නැති බැරි ඇති හැකි පරතරය ඉවත් කරන සෞභාග්‍යයක් බිහි කරන බවත් රටේ ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විදින්නේ පොහොසත් 20%ක් බවත් දුප්පත් 20% භුක්ති විදින්නේ ජාතික ආදායමෙන් 4.5%ක් නිසා මෙය පිළිගත නොහැකි බවත් සෞභාග්‍යය සැවොම එකතු කර ගත් එකක් විය යුතු බවත් එය සැවොම සමානව බෙදා ගන්නා සෞභාග්‍යයක් විය යුතු බවත් ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සැවොම කොටස්කාරයන් වූ වර්ධනයකින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජපනා හපනා වූවා සේ අපි ද කාර්යශූර විය යුතුයි

එමෙන්ම කඩිසර ක්‍රියාශීලී කාර්යශූර රටක් විය යුතු බවත් ජපනා හපනා වූවා සේ අපිත් කාර්යශූර විය යුතු බවත් එම පරමාදර්ශී ආදර්ශවත් මඟ පෙන්වීම ඉහළින්ම සියලු දෙනාට ලබා දිය යුතු බවත් එය නොපිරිහෙලාම ඉටු කරන බවත් රටක නායකත්වය නිසි මඟ පෙන්වීම ලබා දුන් පසු ලක්ෂ 220න් කිසිම අයකුට එම ජාතික වගකීම පැහැර හැරිය නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට තුළ දූෂණය වංචාව හොරකම සහමුලින්ම තුරන් කරන බවත්ය.

මේ සන්ධාන පිටුපස වරප්‍රසාද නැහැ

පළාත් 9 දිස්ත්‍රික් 25ක ප්‍රාදේශීය ලේකම් හා උප ලේකම් බලප්‍රදේශ 341 මෙන්ම ග්‍රාමසේවා වසම් 14022ක විහිදී ඇති ගම් නගර 53000ම ජීවත් වන ලක්ෂ 220කගේ ජන ජීවිතවල වගකීම තමා බාර ගන්නා බවත් එම බාරකාරීත්වය පණටත් වඩා ආරක්ෂා කරන බවත් නුදුරු අනාගතයේ දී වඩාත් ජනතාවාදී ජනහිතකාමී සන්ධාන රැසක් බිහි වන බවත් මෙම සන්ධාන පිටුපස කිසිදු වරදාන වරප්‍රසාදයක් ලබා දීමක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තවද රටේ අවශ්‍යතාවට මුල්තැන ලබා දී අත්මාර්ථකාමීත්වය නොව පරාර්ථකාමීව පොදු ජනතාවට සේවය කිරීමේ උතුම් ජනතා සේවාව උදෙසා පෙළ ගැසෙන බවත් ජාති ආගම් කුල මල ගෝත්‍ර පක්ෂ භේදයකින් තොරව ලක්ෂ 220ටම පරමාදර්ශී ක්‍රියාදාමයක් තුළ රට ගොඩනගන ගමනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

අධික බදු බරින්, ජීවන වියදමින් මෙන්ම අල්ලසින් දූෂණයෙන් රටේ ජනතාව තලා පෙළා දමන, රටේ ජනතාවගේ පොදු සතුරා වන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ අරමුණු කර ගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු 6 දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (5) උදේ 9.45ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු විය. එම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් නිදහස් ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය නාලක ගොඩහේවා, උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යනාදීන් අත්සන් තැබීය.

මේ සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්විය.

SendShareShare
Previous Post

සජිත් ප්‍රේමදාස හොරෙක් නෙමෙයි! විපක්ෂයේ සිට රටට වැඩක් කරන එකම නායකයා සජිත්! දයාසිරිගෙන් සජිත්ට මුව නොසෑහෙන වර්ණනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇතුළේ ඉන්න කෙහෙළියට තවත් බාල්දියක් පෙරළෙයි! බාල බෙහෙත් දාලා ඇස් දෙකම සදහට අන්ධ වූ කෙනෙක් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවයි! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.