මහබැංකුව මගින් හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බැඳුම්කර නිකුතුවට වැඩි පොලිය ලබා දිමේ උත්සාහයක් ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක ඊයේ (11) අනාවරණයක් සිදු කළා. (Sri Lanka Latest News)
12 දිනයේ රුපියල් බිලියන 290ක බැඳුම්කර නිකුත් කිරීමට නියමිත බවත්, තක්කඩි රැළක් වටවී වැඩි පොලියට මෙය මිලදී ගැනීමට යන බවත් චම්පික රණවක සඳහන් කළා.
ඡන්දය අතලඟ තබාගෙන, මෙම මහ බැංකු මංකොල්ලය සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහට ඉඩ නොතබන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
hirunews










