මෙරට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, තවත් රෝහල් 3ක CT ස්කෑන් යන්ත්‍රවලින් උපරිම ධාරිතාව ලබාගත නොහැකි බවය.
දැනට රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර සංඛ්‍යාව 43 කි.
CT ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. -නිව්ස් ෆස්ට්
Government Hospital CT scan










