පසුගිය දින කිහිපයේ අධික විස රසායන රැගත් නෞකා එකක් නොව දෙකක් සැරිසරා ඇති බවත්, ඒ බව අන්තර්ජාතික පොලිසිය ඉන්දියාව පාකිස්තානය ඇතුලු අනෙකුත් රටවල්වලට දැනුම් දී ඇති බවත් රියාද්හි ප්‍රින්සස් නවුරා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පැවසුවාය.
මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය, මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව කියා සිටියාය.
“ප්‍රින්සස් නවුරා විශ්වවිද්‍යාලය, රියාද් ඉන්දියන් සාගරයේ විෂ සහිත නෞකා එකක් නෙවෙයි විෂ සහිත නෞකා දෙකක් මේ කාල වකවානුව තුළ සැරිසරලා තිබෙනවා. ජාත්‍යන්තර ඉන්ට පොලිස් සංවිධානය මේ පිළිබඳව පකිස්ථානය දැනුවත් කරනවා. බංග්ලාදේශය දැනුවත් කරනවා. ඉන්දියාව දැනුවත් කරනවා.
එතකොට අපේ ප්‍රශ්නය ලංකාව දැනුවත් කළේ නැද්ද? ඔවුන් දැනුවත් කරන කොට දැනුවත් කරලා තියෙන්නේ නියමිත අසුරුවාපු නැති විෂ සහිත තෙල් ඒ සමග ඇති තවත් විෂ සහිත ද්‍රව්‍ය සහිත නැව් දෙකක් ඉන්දියන් සාගරයේ සැරිසරපු බවයි. එක නෞකාවක් මේ වෙන කොට ලංකාවට ඇවිල්ලා ගිනි අරගන අපේ මුහුද විනාශ කරලා අපේ බිම විනාශ කරලා. ඉන්දියාවේ තොටුපළට ළඟා වෙන එක් නෞකාවක් නම වෙනස් කරලා පකිස්ථානයට හරවා යවලා මේ වෙන කොට පකිස්ථානයේ කරච්චිවලට ටිකක් එහායින් තියන තොටුපළේ නවතා තියනවා.
ඒ නෞකාවේ 15000 ට වඩා අධික බැරල් ප්‍රමාණයක් අඩංගු වී තිබෙන මර්කරි සහ තෙල් මිශ්‍ර වෙච්ච ඉතාමත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය බහාලුම් විශාල සංඛ්‍යාවක් ඒ නෞකාවේ තිබෙනවා. ඒ විෂ සහිත නෞකාවට නොදැවෙනි නෞකාවක් ලංකාවට ඇවිල්ලා මේ වෙන කොට ලංකාවේ මුහුදු වෙරල ගිනිබත් කරනවා. ඇත්තටම කියනවා නම් අපි හරියටම දන්නේ නෑ මේ නෞකාවේ මර්කරි නැමති විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වුනාද කියලා. මේවනි විෂ ලංකාවට ගෙන එන්න කවුද අවසර දුන්නේ කියන එක තමයි අපිට දැන ගන්නට ඕන කරන්නේ. අපේ රට නැති කරන්න පුළුවන් ඉහළම ආකාරයෙන් වින කරන්න පුළුවන් වෙච්ච රජයක්ද අපිට මේ ලැබිලා තියෙන්නේ කියන එක මං අහන්න කැමතියි”










