එක්සත් ජනපදයේ CIA සංවිධානය ලබා දුන් තොරතුරු මත මෙක්සිකානු හමුදාව විසින් ජාලිස්කෝ ප්‍රදේශය මුලික කරගත් මෙක්සිකෝව තුළ ක්‍රියාත්මක ප්‍රධානම මත්ද්‍රව්‍ය කාටෙලයේ නායක නෙමේසියෝ ඔසෙගුරා සර්වන්ටෙස් හෙවත් “එල් මෙන්චෝ” ජාලිස්කෝ ප්‍රධාන මාර්ගයකදී ඝාතනය කරයි.Sri Lanka Latest News
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැත කාලිනව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදයට මත්ද්‍රවය ගලාගෙන එන එක රටක් මෙක්සිකෝව බවත් මෙක්සිකෝවෙ රජයට එම මත්ද්‍රව්‍ය කාටල් පාලනය කිරිමට නොහැකිනම් එක්සත් ජනපද හමුදාව එය පාලනයට සුදානම් බවයි.
මෙම තත්වය සැළකිල්ලට ගනිමින් මෙක්සිකානු ජනාධිපතිනි Claudia Sheinbaum මහත්මියගේ උපදෙස් මත මෙක්සිකෝව පුරා මත්ද්‍රව්‍ය කාටල් සොයා මෙම දිනවල මෙහෙයුම් අරඹා තිබේ.
එම මෙහෙයුම් වල ප්‍රථිපලයක් ලෙස මෙක්සිකෝවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය කාටලයට සම්බන්ධ නායකයාගේ රථ පෙළක් මීට පැය කිහිපයකට පෙර මෙක්සිකෝවේ හමුදාව විසින් ඉලක්ක කර ගත්තේය.










