අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක් බවට අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පියෙකු වන කීර්තිසේන ආබෘෘ යන අයගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවය.
පසුගියදා ඝාතනය වූ කීර්තිසේන ආබෘෘ යන අයගේ ඩුබායිහි සැඟව සිටින පුත්‍රයා විසින් ඊයේ සිදුකළ වෙඩි තැබීම මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 5 ක් එල්ල වී ඇති අතර ඉන් උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී තිබූ බව සඳහන් වේ.
මියගොස් ඇත්තේ 54 හැවිරිදි අහුංගල්ල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා සිය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.










