මුතූර් සාෆිනගර් වැලි ජාවාරම, මහනුවර අම්බුළුවාව රාජ්‍ය දේපළ මංකොල්ලය සහ මැතිවරණ සමයක රටපුරා විවෘත කිරීමට අනීතිකව බාර් ලයිසන් මන්ත්‍රීවරුන්ට ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් පැමිණිලි තුනක් ඉදිරිපත් කිරීමට පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණ තිබුණි.
මේ ඒ සම්බන්ධියෙන් අදහස් පළ කළ වසන්ත යාපා මන්ත්‍රීවරයා…
අපි අද දවසේ අල්ලස් කොමිසමට පැමිණිලි 3ක් ඉදිරිපත් කරා. එකක් අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ ඉතා බරපතළ අක්‍රමිතා වෙලා තියෙනවා කියලා විගණන වාර්තා වලින් හෙළිවෙලා තියෙනවා. ඒ හෙළිවෙලා තියෙන කෝටි ගණනකක වංචා අපි විමර්ශනය කරන්න කියලා ඉල්ලුවා.Sri Lanka Latest News
ඒ වගේම තමයි වනජීවී දෙපාර්තමේන්තුවට තවම හෙක්ටයාර් 95 කට වැඩි ප්‍රමාණයක් භුක්තිය බාර දීම සඳහා කටයුතු කරලා නෑ ඔය ජෛව විවිධත්ව මධ්‍යස්ථානය.
ඒ වගේම ත්‍රිකුණාමල මුතූර් සාෆිනගර් වල අනීතික වැලි ජාවාරම් නිසා පාලම් 6ක් අවදානමේ. ඒ එක් පාලමක් දැනටමත් කැඩීගොස් තියෙනවා. ජාතික සම්පත් විනාශ වෙනව දැක දැක නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ වැලි ජාවරම් කාරයන්ට බය නිසාද?
මේ වැලි ජාවාරමේ මහ මොලකරු යලි සේවයේ පිහිටවලා. ඒ නිසා මේ ගැන විධිමත් විමර්ශනයක් කරන්න කියලා අපි අල්ලස් කොමිසමට පැමිණිලි කරා.
මැතිවරණ කාර්යාල විවෘත කිරීමෙන් පොහොට්ටුව අල්ලාගෙන ඉන්න කල්ලිය හිතනවනම් ජනතාව අල්ල ගන්න පුලුවන් කියලා ඔවුන් දැනටමත් ගොඩක් දුරස්ත වෙලා. මේ අයව ජනතාව ගගේ මුහුදේ දැම්මා පහුගිය කාලේ.
තමන්ට වසර පහකට බලය දුන්නම ඒ බලය අපහරනය කරලා අද වෙනකොට.
ජනතා වරමක් නැති කල්ලියක් පොහොට්ටුව අල්ලන් ඉන්නෙ
කවදාවත් පොහොට්ටුව අල්ලන් ඉන්න කල්ලිය එක්ක ආයේ එකතු වෙන්නෙ නෑ. ජනතාව බලාපොරොත්තු වෙන අදහස් එක්ක හිට ගන්නවා මිසක් වෙන කල්ලි එක්ක එකතු වෙන්නෙ නෑ.
පැහැදිලිව කියනවා විපක්ෂයේ ප්‍රබලතම සන්ධානය අපි හදනවා. සැබෑ 69 අබිලාශය අපි පමනයි.
අපි 69 ලක්ෂයේ ජන වරම නියෝජනය කරන්නේ. ඒ අදහස් එක්ක පමණයි අපි හිට ගන්නෙ.
සමගි ජන සන්ධානය විදියට තමයි අපේ ශක්තිය යොදන්නෙ. පක්ෂවල අභ්‍යන්තර ගැටලු අපි හදන සංදානයට ගැටලුවක් නොවෙයි.
ඩයනා ගමගේ පාර්ලිමේන්තුව නොමග යැව්වා අධිකරණ කාලය වසර හතරක් නොමග යැව්වා. ඇයට නිසි දඩුවම් ලබා දෙන්න ඕනි. ඇය කල්ලතෝනී කාන්තාවක්.
අපිට මහජන බලවේගයක් ගොඩ නගන්න ඩයනාගේ ප්‍රශ්නය ගැටලුවක් නෑ.
රාජපක්ෂලා රටට ගේම ගහල තියෙන්නෙ ආයේ එන්න බෑ. වික්‍රමසිංහට බලය දීපු ඔවුන් නිවටයන් හා සමානයි.









