අම්පාර ඉඟිනියාගල ප්‍රදේශයේ සතියක පමණ සිට අතුරුදන් බවට වාර්තා වූ 16 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනා හමුවී ඇත. (Sri Lanka Latest News)
පොලීසිය සඳහන් කර සිටියේ, මෙම සිසුවියන් දෙදෙනා කැළණිය – මීගහවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී සොයාගත් බවයි.
මෙම සිසුවියන් දෙදෙනාම සමීපව ඇසුරු කළ යෙහෙළියන් බවද වාර්තා වනවා.
මෙසේ අතුරුදන්ව සිටියේ, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවන බී.ජී. අශානි වශ්මිකා සහ එෆ්.ආර්. පවීෂා නෙත්මිණි යන සිසුවියන් දෙදෙනායි.
පසුගිය 15 වැනිදා පවීෂා පාසලට යන බව මව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබිණි. අශානිගේ පියා කොළඹ රැකියාවක නිරත අතර, ඇය ජීවත්ව තිබෙන්නේ මිත්තණියගේ නිවසේයි. ඒ, කුඩා කාලයේදී ඇගේ මව ඇයව අතහැර ගොස් තිබීම හේතුවෙනි.
පසුගිය 15 වැනිදා උදෑසන නිවසට පැමිණි පවීෂා ද සමගින් ඇය නිවසින් පිටව ඇත්තේ උපකාරක පංතියට යන බව පවසමිනි. මිත්තණියද රැක බලාගනිමින් අශානි මෙම නිවසේ ජීවත්ව ඇත.
නමුත් මෙලෙස පිටව ගිය සිය දැරියන් නැවත නොපැමිණීමත් සමග පවීෂාගේ මව්පියන් සහ අශානිගේ මිත්තණිය ඉඟිනියාගල පොලිසියට පැමිණිල්ලක් කළ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විමර්ශණවලින් අනතුරුව මෙම තරුණියන් දෙදෙනා සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
madyawediya.










