උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී පසුගිය 18 වැනිදා සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. (Sri Lanka Latest News)
ඔන්ලයින් ක්‍රමවේදය හරහා තවමත් අදාල ජාවාරම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවත් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ආසන අවසන් වීමට පෙර එම දුම්රියේම මහනුවර සිට නානුඔය දක්වා ආසන සියල්ලම අවසන් වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.










