ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබද ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීමට දෙමළ ජාතික සන්ධානයද තීන්දු කොට ඇත.
අද පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී එම පක්ෂය මෙම තීන්දුව ගෙන තිබේ.
අදාළ ගිවිසුම කල් තියා ප්‍රකාශයට පත් නොකිරීමත්, ගිවිසුම සෙසු භාෂාවන්ගෙන් ඉදිරිපත් නොකිරීමත්, රටට අහිතකර කොන්දේසි රැසක් එහි ඇතුළත්ව තිබීමත් යන කරුණු මුල් කරගෙන එම පක්ෂය මෙම තීන්දුව ගෙන තිබේ.
දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස ජනතා සභාවද ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ප්‍රකාශයට පත් කොට ඇත.
ඡන්ද විමසීම ලබන සිකුරාදා දින පැවැත්වේ.










