2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද (12) ආරම්භ වේ. (Sri Lanka Latest News)
මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් ඊයේ සහ අද ඩෙංගු මර්දන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයිනපුරා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
පාසල් වසා තිබූ මේ කාලය සාමාන්‍යයෙන් වර්ෂා සහිත කාලයක් බැවින් පාසල් පරිශ්‍රයන්හි වැසි ජලය හා කුණු කසල එකතු වී මදුරු උවදුර ව්‍යාප්ත වීමේ අවදානමක් පවති.
dinamina










