සීගිරි පර්වතය පාමුල සිට මීදුමෙන් වැසුණු පර්වත මුදුන දෙස බලන ඕනෑම අයකුට දැනෙන්නේ අද්භූත නිහඬතාවකි. එහෙත් ඒ නිහඬතාව පිටුපස දශක ගණනාවක් තිස්සේ මහා කුමන්ත්‍රණයක අඳුරු සෙවණැලි සැඟවී ඇති බව දන්නේ ස්වල්ප දෙනෙකි. ලෝකයා සීගිරිය දෙස බලන්නේ කලාගාරයක් ලෙස වුවද, එහි සැබෑ ඉතිහාසය පවතින්නේ අඩි කිහිපයක් ඝනකම ඇති කළුගල් සහ කොන්ක්‍රීට් තට්ටුවලට යටවීය. මෙම අබිරහසේ ප්‍රධානතම සැකකරු වන්නේ මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතායි. 1890 දශකයේදී සිංහ පාදය සොයා මහා පස් කඳු හාරමින් බෙල් මහතා කළ ගවේෂණය මතුපිටින් බලන විට ශාස්ත්‍රීය මෙහෙවරක් සේ පෙනුණද, එහි ඇතුළාන්තය මහා පාවාදීමකින් වර්ණවත් වී තිබේ. ඉතිහාසයේ සැඟවුණු සාක්ෂි සහ පරම්පරාගත ජනප්‍රවාද පවසන්නේ සීගිරි පර්වතය අභ්‍යන්තරයේ පිහිටි, හෙළයන්ගේ විස්මිත තාක්ෂණය සහ මහා වස්තුව සඟවා තිබූ ‘රහස් දොරක්’ බෙල් මහතාට හමුවූ බවයි. එම දොරෙන් ඇතුළු වූ ඔහු දුටුවේ හුදෙක් රන් රිදී මුතු මැණික් පමණක් නොව, මුළු පර්වතයම එකම ආලෝක ධාරාවකින් නෑවිය හැකි මැණික් එබ්බවූ තාක්ෂණික පද්ධතියක් සහ අදටත් ලෝකයටම අබිරහසක්ව පවතින සීගිරි ජල මල් පාලනය කළ මධ්‍යම පාලක මැදිරියයි.
එහෙත් බෙල් මහතා කළේ කුමක්ද? යටත් විජිත පාලකයන්ගේ අවශ්‍යතාව වූයේ ලාංකිකයා යනු හුදෙක් වැව් බැඳි ජාතියක් පමණක් නොව, ලෝකයම දණගැස්විය හැකි තාක්ෂණික බලයක් හිමි ජාතියක් බව සැඟවීමයි. එම රහස් දොරෙන් ඇතුළත වූ දේ දුටු බෙල් මහතා, සැබෑ හෙළ තාක්ෂණය ලෝකයට හෙළි වුවහොත් යුරෝපීය ජාතීන්ගේ උඩඟුකම සුනුවිසුනු වන බව වටහා ගත්තේය. ඒ නිසාම ඔහු කළේ එම රහස් දොරටුව කිසිවකුටත් යළි විවෘත කළ නොහැකි වන සේ අඩි ගණනාවක් ඝනකමට කොන්ක්‍රීට් සහ කළුගල් දමා සදහටම වසා දැමීමයි. අදටත් සීගිරිය නගින සංචාරකයන්ට සිංහ පාදය පසුකර යන විට පර්වතයේ අමුතුම ආකාරයට වසාදමා ඇති තැන් දැකගත හැකිය. බෙල් මහතා සිය වාර්තාවල මේවා ‘ආරක්ෂිත හේතූන් මත වසාදැමූ’ බවට සඳහන් කළත්, එම ආරක්ෂාව සැලසුවේ පර්වතයට නොව පර්වතය තුළ වූ රහස් ලෝකයාගෙන් ආරක්ෂා කිරීමට බව පැහැදිලිය. ඔහු ඒ තුළ තිබූ අතිශය වටිනා පුස්කොළ පොත් සහ රහස්‍ය ලේඛන බි්‍රතාන්‍යයට පටවා, ඉන්පසු සියලු සාක්ෂි කොන්ක්‍රීට් යට සැඟවූ බවට එල්ල වන චෝදනාව අදටත් අළු යට ගිනි පුපුරක් සේ පවතී.
මේ මහා කොල්ලයේ දරුණුම පැත්ත හෙළිවන්නේ බෙල් මහතා සීගිරියෙන් හොර රහසේ පිටත් කළ බව කියන පුරාවස්තු සහ රහස්‍ය ලේඛන පිළිබඳ තොරතුරුත් සමගය. වාර්තා පවසන පරිදි, සීගිරියේ සැඟවුණු කුටි තුළ තිබූ රන් පත්ඉරු, සුවිශේෂ පාෂාණ සහ හෙළයන්ගේ ගුවන් තාක්ෂණය පවා ඉඟි කරන ලියවිලි රැසක් බෙල් විසින් සිය භාරයට ගෙන ඇත. මේවා නිල වශයෙන් ලංකාවේ කෞතුකාගාරයට භාරදෙනවා වෙනුවට, එංගලන්තයේ විවිධ රහස් එකතූන් වෙත යැවූ බවට බරපතළ සැකයක් පවතී. විශේෂයෙන්ම පර්වතය මතුපිට තිබූ බව කියන දර්පණ තාක්ෂණික උපාංග සහ පර්වතය ඇතුළත තිබූ අතිශය දුර්ලභ ලෝහමය නිර්මාණ බෙල්ගේ කාලයෙන් පසු අතුරුදන් වී තිබේ. ඔහු සිය දිනපොත්වල ඇතැම් සොයාගැනීම් ගැන අපැහැදිලි සටහන් යොදා තිබුණද, ඒවාට අදාළ භෞතික සාක්ෂි අදටත් හමුවී නැත. මෙරට අසිරිමත් ඉතිහාසය හකුළා බි්‍රතාන්‍යයට පටවා, ඉතිරි වූයේ අපේ උරුමයේ ‘කොන්ක්‍රීට් කළ සොහොන් කොත්’ පමණක් ද යන ප්‍රශ්නය ඉතිහාසඥයන්ගේ පවා අවධානයට ලක්විය යුත්තකි.
සීගිරියේ ජල පීඩන තාක්ෂණය අදටත් ලෝක ඉංජිනේරුවන්ට ප්‍රහේළිකාවකි. මෝටර් යන්ත්‍රයක් හෝ විදුලියක් නොමැතිව පර්වතය මුදුනට ජලය ගලාගිය ඒ රහස් මංපෙත් හසුරුවන ලද යාන්ත්‍රණය බෙල් විසින් සදහටම අකර්මණ්‍ය කර වසාදැමුවේ හෙළයාගේ බුද්ධි මහිමය වළලා දැමීමේ වුවමනාවෙනි. බෙල් මහතා සීගිරියේ කැණීම් කළේ ශුද්ධ වූ අරමුණකින් නොව, යටත්විජිතවාදී මහා කොල්ලයක කොටස්කරුවකු ලෙස බවට ඇතැමුන් චෝදනා කර ඇත. පර්වතය ශක්තිමත් කිරීමට යැයි පවසමින් ඔහු දැමූ ඒ අද්භූත කොන්ක්‍රීට් තට්ටු යට තවමත් නිද්‍රෝපගතව පවතින්නේ අපේ මහා ඉතිහාසයේ අග්‍රගණ්‍ය පරිච්ඡේදයයි. එම රහස් දොරටුව විවර වන තුරු සීගිරිය යනු අපේ ජාතික අභිමානයේ මාවත බවත් සහතිකය. මේ මහා අබිරහස කොන්ක්‍රීට් තට්ටු අතරින් මුදාගැනීම අනාගත පුරාවිද්‍යාවේ ලොකුම අභියෝගයයි.
අවසානයේදී සීගිරිය යනු හුදෙක් සංචාරක ස්ථානයක් පමණක් නොවේ. එය අපේ රජුන් සඟවා තැබූ, බෙල් වැනි විදේශිකයන් විසින් වසා දැමූ බවට චෝදනා එල්ල වූ, තවමත් සම්පූර්ණයෙන් අනාවරණ නොවූ තාක්ෂණික රහස් පිරුණු මහා විස්මයකි. සීගිරි ගැබේ තවමත් සිරවී ඇති ඒ ‘රහස් දොර’ යළි විවර කරගැනීමට සමත් තාක්ෂණයක් සහ දේශපාලනික වුවමනාවක් අපට ලැබෙන තුරු, සීගිරියේ සැබෑ රහස බෙල්ගේ කොන්ක්‍රීට් තට්ටුවලට යට වී නිහඬව පවතිනු ඇත.










