දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවිකාවක් ඊයේ (09) පස්වරුවේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
කාර්යාල ප්‍රවාහන සේවයකට අයත් වාහනයක නිති පතා කාර්යාලයට යන ඇය කහතුඩුව පිවිසුමෙන් බැස බස් රථයෙන් සිය නිවස බලා ගමන් කරන බවත් එසේ අධිවේගී පිවිසුමෙන් බැස පැමිනෙද්දී මග රැක සිටි පුද්ගලයෙක් කඩුවකින් ගෙල කපා කාන්තාව ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ කියයි.
තුවාල ලද කාන්තාව වෑතර රොහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන අයෙකුගේ බිරිය වන 39 හැවිරිදි එක් දරු මවකි.
මේ වනවිට ඝාතනයට පැමිණි වාහනය මෙන්ම ඝාතකයා ද හඳුනාගෙන ඇති බව විමර්ශන අංශ කියයි. ඝාතකයා පැමිණ ඇත්තේ අනුරාධපුරයේ ලියාපදිංචි වාහනයකය. සැකකාර ඝාතකයා කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ වීසා උපදේශන සේවාවක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බව ද විමර්ශන අංශ පවසයි.
ඒ අනුව සැකකරු විදේශගත වීමට උත්සාහ කරද්දී ඊයේ රාත්‍රී 10.35ට පමණ ගුවන් තොටුපල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
lankasara










