• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුවත් කරපු මරිමෝඩ වැඩේ! Sri Lanka Latest News

January 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මාලිමා ආණ්ඩුවත් කරපු මරිමෝඩ වැඩේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගහට කොළට වගේම සතා සිවුපාවාටත් නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වේවා යන ප්‍රාර්ථනයෙන් 2025 වසරේ මුල්ම කැලෑ කොලම මෙලෙස ආරම්භ කරමු. අද කැලෑ කොලමෙන් අප සාකච්ඡා කරන්නේ දශක ගණනාවක් පුරා මෙරට බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුමේ වර්තමාන මුහුණුවර පිළිබඳවය. දශක කිහිපයක් තිස්සේ අසාර්ථක වුණු වන අලින් පලවා හැරීමේ මරිමෝඩ ක්‍රියාවලිය, අලුත් වනජීවී ඇමැතිවරයා යටතේ අලුත් වටයකින් යළිත් ආරම්භ වී ඇති ආකාරය දැකගන්නට ලැබේ. එය පටන්ගත් තැනම අසාර්ථක වූ බවත්, ඊට එරෙහිව ජනතාව වීදිබැස ඇති බවත් අපට ලැබෙන ආරංචිවලින් පැහැදිලි වේ. ඊට දිය හැකි හොඳම උදාහරණය නම් ඔයාමඩුව ප්‍රදේශයේ ඇතිවී ඇති තත්ත්වයයි. (Sri Lanka Latest News)

නිලධාරි මාෆියාව ඇමැතිවරයාව අන්දා තිබෙනවා දැයි සැකයක්ද ඇතිව තිබේ. වනජීවී ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් තේරුම් ඇති විද්වතුන් සහ පාරිසරික සංවිධාන මෙම ක්‍රියාව සිදු නොකරන ලෙස කොතෙකුත් ඉල්ලා සිටියද එය බීරි අලින්ට වීණා වැයීමක් පමණක් විය. එහි අහිතකර ප්‍රතිඵල ලැබෙන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. සංකීර්ණ ප්‍රශ්නයක් වූ මෙම අලි-මිනිස් ගැටුමට ක්ෂණික විසඳුම් ඇත්තේ නැත. විසඳුම් ලබාදිය යුත්තේ අධ්‍යයනයකින් පසුව, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය.

පරිසරය සහ සතා සිවුපාවා ගැන සංවේදීතාවක් නැති පාලකයන්ගේ සහ නිලධාරීන්ගේ අමන තීරණ නිසා දුක් විඳින්නේ අසරණ සතුන් සහ ග්‍රාමීය ජනතාවය. ප්‍රශ්නය පැනනැගී ඇති තැනට නොගොස් කොළඹ සීත කාමරවල සිට එම ප්‍රශ්නවලට විසඳුම් සොයන නිලධාරීන්ට එම අසරණකම දැනෙන්නේ නැත.

අලි මිනිස් ගැටුම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් මුහුණුවරක් ගන්නකි. අලි ඇතුන් යනු කොටුකර තැබිය හැකි සතෙකු නොවේ. දෛනිකව අවම වශයෙන් කිලෝමීටර් 20ක දුරක්වත් සංචරණය කිරීම වන අලියාගේ පුරුද්දයි. එබැවින් උගේ චර්යා රටාවන්, සංචරණයන් මනා ලෙස අධ්‍යයනය නොකොට මෙම ගැටලුවට විසඳුම් සෙවීම දුෂ්කරය.
මෙරට අලි ගහනයෙන් 90%ක් පමණ ජීවත් වන්නේ ජාතික වනෝද්‍යානවලින් පිටතය. එසේ වීමටද හේතු තිබේ. පෝෂ්‍යදායී තෘණ වර්ග, අවශේෂ ආහාර වර්ග වැව් පිටි හා ලඳු කැලෑවල තිබීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

නැවත නැවතත් සඳහන් කළ යුතුව ඇත්තේ අසාර්ථක ක්‍රමවේද මගින් සිදුවන්නේ අලි-මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම පමණක් බවයි. එහෙත් 2020 අලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම දැනට තිබෙන කාලෝචිත ක්‍රමවේදය බව සඳහන් කළ යුතුය. එක් එක් අයගේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ව්‍යාපෘති සැකසීමෙන් සිදුවන්නේ අලි – මිනිස් ගැටුම උඩුදිවීම පමණකි. පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතා කාලෝචිතය.

● ගොවි බිම් ආවරණය කර අලි වැටවල් ඉදිකිරීම
ප්‍රේරණ කලාපවලින් අනවසර ගොවි බිම් ඉවත් කිරීම
● අලිමංකඩවල් නිදහස් කිරීම
● අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම
● අලි-මිනිස් සහජීවනය සඳහාත්, සතුන්ගේ ආරක්ෂාව සඳහාත් දැඩි නීතිරීති පැනවීම
● 5%ක් පමණ වන දළ ඇතුන්ගේ විධිමත් සංගණනයක් සිදුකොට එම ඇතුන් ජාතික වස්තු ලෙස ගැසට් කිරීමද ඉතා කාලෝචිත යෝජනා ලෙස සැලකිය හැකිය.

අලියා වනාහි උපරිම වශයෙන් විදේශ විනිමය අප රටට ලබාදෙන සත්වයෙකි. සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සඳහාද අලින්ගේ පැවැත්ම ඉතා වැදගත් වේ. පෙර කවරදාකවත් නොවූ පරිදි සියලු පාරිසරික පද්ධති එක අමාත්‍යාංශයක් ලෙස නිර්මාණය වී තිබීම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට කදිම අවස්ථාවකි. නීති සම්පාදනයට සහ විසඳුම් සෙවීමට එය නිසි පරිදි යොදාගත හැකිය.

2024 වසරේදී පමණක් අලි-මිනිස් ගැටුම්වලින් වන අලින් 483ක් සහ මිනිසුන් 184ක් අප රටට අහිමි වී තිබේ. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. 2025 වසරේදීවත් මෙම වටිනා වන අලි සම්පත රැකගැනීම වෙනුවෙන් කැපවීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමක් කරගත යුතුය. කැලෑ කොලමේ අපේ ප්‍රාර්ථනය අලින් සහ මිනිසුන් එකම පරිසර පද්ධතියක් තුළ සහජීවනයෙන් ජීවත් වනු දැකීමයි. ඊට තිරසාර විසඳුමක් ලබාදීම බලධාරීන්ගේ සහ පාලකයන්ගේ වගකීම බව අවධාරණය කර සිටිමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට වැඩ කරන්න වාහනයක් ඕනෑ! තව සති දෙක තුනකින් හැම මන්ත්‍රී කෙනෙක්ටම අලුත් වාහන ලැබෙනවා! මන්ත්‍රීවරුන්ට වාහන එපා කියලා ආවත් අලුත් මාලිමා මන්ත්‍රී කියපු අලුත්ම කතාව අහලා බලන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Next Post

දිස්ත්‍රික් 5කට හෝ ගාලා වහිනවා! දිස්ත්‍රික් 4කට නාය යාමේ නිවේදන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.