• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගං දියට යටවුණු අලි රංචුවක කතාව! Sri Lanka Latest News

June 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙන රටවල ජාතික සම්පත්! සල්ලි උල්පත්! ඒත් අපේ රටේ ගිය මාස 7ට අලිඇතුන් 36ක් කරන්ට් වද්දලා මරලා!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ලෝකයේ අලි ගහනය අතින් ඉදිරියෙන් ඉන්න රටක්. අපේ රටට පැමිණෙන බොහෝ සංචාරකයෝ ලංකාවට එන්න එක හේතුවක් තමයි මේ අලි බැලීම. හැබැයි ලංකාවේ අලි සම්බන්ධයෙන් අපි අරගෙන තියෙන ක්‍රියාමාර්ග නිවැරැදිද කියන එක ගැන නිතර දෙවේලේ කතාබහට ලක්වෙනවා. මොකද අපි ගාව තියෙන වටිනා සම්පතක් නම් අපි ඒ සම්පත ආරක්ෂා කරන්න විවිධාකාරයේ වැඩපිළිවෙළවල් දියත් කළ යුතුයි. වන අලි සහ මිනිස්සු අතර ඇතිවෙන ගැටුමේදී මිනිස්සු මියයනවා, සමහර වෙලාවට වන අලිත් මියයනවා. ඒ වගේම වන අලි කෝච්චිවල හැප්පෙනවා. මේ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා. අපි දකිනවා සමහර ප්‍රදේශවල වන අලි කුණු කනවා. ඒ නිසා වන අලින්ගේ ශරීරයට ඇතිවෙන හානි නිසා ඔවුන් විවිධ අවස්ථාවල මියයනවා. ඒ අවස්ථාවේ මිය නොගියත් ඔවුන් පසුකාලීනව රෝගාබාධවලට මුහුණ දීලා මියයනවා. එතකොට මේ වගේ මියයෑම් බොහෝ විට අපි සාකච්ඡා කළ යුතු මට්ටමේ තියෙන දෙයක්. (Sri Lanka Latest News)

ශ්‍රී ලංකාවේ මේ වතාවේ අපිට දකින්න ලැබුණේ ඊට වඩා වෙනස් ප්‍රවෘත්තියක්. ප්‍රවෘත්තිය මොකක් වුණත් මේකෙදී සිදුවෙලා තියෙන්නේ වන අලි මියයෑම. අපි දන්නවා සියඹලන්ගමුවේ ඇතාගේ මරණය, දළ පූට්ටුවාගේ මරණය, ඒ වගේම කෝච්චිවල ගැටිලා වන අලි හතරපස් දෙනා එක තැන මියයෑම, වන අලි හය දෙනකුට විදුලි සර වද්දා හම්බන්තොට ප්‍රදේශයේදී සිදුකළ ඝාතනය. මේ සියල්ලම සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම හබරණ වනාන්තරය තුළදීත් වන අලි කිහිප දෙනෙක් එකවර ඝාතනයට ලක්වෙනවා. මේ හැම දේම අපි සාකච්ඡා කළ යුතු, අපි විසින් හොයාබැලිය යුතු තත්ත්වයේ තියෙන දේවල් වෙද්දී පහුගිය දවසක පොළොන්නරුවේ ඕඩේ ඇළ කියන ප්‍රදේශයේදී වන අලි හත්දෙනකුගේ මෘත ශරීර හොයාගන්නවා එකම දවසේදී. මෙතැන ඉන්නවා අවුරුදු 30 – 35 අතර පසුවෙන වන අලි දෙන්නෙක් සහ අවුරුදු 8-10 වයසේ පසුවන අලි පැටවුන් පස්දෙනෙක්. මේක විශාල ප්‍රමාණයක්. මේ මරණ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් කරපු ප්‍රකාශය අනුව පැහැදිලි වෙන්නේ පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේදී තමයි මේ වන අලින්ගේ මෘත ශරීර හමුවුණේ කියලා.

මේ විදියට වන අලි හත්දෙනෙක් මියයන්නේ ඔවුන් ජල පහර තරණය කරන්නට උත්සාහ කරද්දී කියලා හිතන්න පුළුවන්. එහෙම තරණය කරද්දී කුඩා පැටවු මඩේ එරෙන්න ඇති. ඒ වගේම විශාල සත්තුත් මඩේ එරෙන්න ඇති. මඩ හරහා යන්න පුළුවන් සත්තු ටික එතැනින් පැනගන්න ඇති. එහෙම පැනගන්න බැරිවුණු සත්තු මේ විදියට මියයන්න ඇති කියන එක. එතකොට අපි කිසිවෙකුට චෝදනා කරනවා නෙවෙයි. වන අලි සම්බන්ධයෙන් ප්‍රශ්නෙකදී අපිට කාටවත් චෝදනා කරන්න බැහැ වන අලි වතුරෙන් මාරුවෙන තැන්වලදීත් ඒ සතුන්ව අතින් අල්ලලා එගොඩ කරන්න ඕනේ කියලා. හැබැයි අපිට වටිනා සම්පතක් නම් අපි ඒ සතුන්ව ආරක්ෂා කරන්න හැම තත්පරේකදීම වැඩපිළිවෙළක් යොදන්න ඕනේ. වන අලි මාරුවෙන්නේ මොන තැන්වලින්ද, වන අලි මාරුවිය යුත්තේ මොන තැන්වලින්ද, වන අලි මාරුවෙද්දී අනතුරුවලට ලක්වෙනවද කියන එක අපි හොයා බැලිය යුතුයි. ඇත්තටම මේ නැතිවෙලා තියෙන්නේ අපිට හිටපු වටිනා සම්පත්. මේ පුංචි පැටවු පස්දෙනා ඉතා වේදනාකාරී මරණයකට මුහුණ දෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. උන්ට උදව් කරන්න කවුරුවත් එන්නේ නෑ.
අපි දන්නවා මනුෂ්‍යයෙක් වුණත් මේ වගේ බරපතළ තත්ත්වයකට මුහුණ දුන්නම ඔහුව බේරගන්න ඔහුට උදව් කරන්න ගොඩක් වෙලාවට මනුස්සයෝ යන්නේ නෑ. මොකද මේ තත්ත්වය ටිකක් බරපතළ නිසා. වතුර ගලපු කාලේ මේ මරණ ගැන අහන්න ලැබුණාම බොහෝ දෙනෙක් දුක්වුණා. මොකද අපිට පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවා නම් මේ ජලගැලීම් නිම්න, මේ වනාන්තරවල ඉන්න වන අලි කොච්චර ආරක්ෂිතයිද, ඒ සතුන් අනාරක්ෂිත මොන වගේ ප්‍රශ්නවලදීද, ඒ අයව ආරක්ෂා කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන හොයලා බලන්න, ඒ වගේම වන අලි විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඒ සතුන් පිළිබඳ ඒ ඒ නිලධාරීන්ට අධීක්ෂණය කරන්න වැඩපිළිවෙළක් හදලා දෙන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත් වෙයි. අපි හිතමු මෙහෙම. වනජීවී නිලධාරීන් සිය දෙනකුට නම්කරන ලද වන අලි 15ක්, 20ක්, 25ක්, 30ක්, 40ක්, 50ක් ගැන අධීක්ෂණය කරන්න භාරදෙනවා. යම් ප්‍රදේශයක වන අලි සම්බන්ධයෙන් හොයාබැලීම භාරදෙනවා නම් වන අලි අතුරුදන් වෙන්නේ නෑ. වන අලින්ට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වෙන්නේ නෑ. මේ වගේ ස්වභාවික ආපදාවලදී කරන්න දෙයක් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපිට වෙලාවකට හිතෙනවා මේක ස්වභාවික ආපදාවකටත් වඩා අස්වාභාවික ආපදාවක් කියලා. මොකද, මේ වගේ අවස්ථාවකදී වන අලින්ගේ මියයෑම ගැන අපට මීට කලින් අහන්න දකින්න ලැබුණේ නෑ.

ජල ගැලීම් වගේ දේවලදී වන අලි කුමන ආකාරයෙන් හැසිරෙනවද, ඒගොල්ලෝ මෙතැනින් පලායනවද, ඒකට මුහුණ දෙන්නේ මොන විදියටද කියන එක ගැන අපිට ඇත්තටම සාකච්ඡා කරන්න අවස්ථාවක් උදාවෙලා නෑ. කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වන අලි හත් දෙනෙක් අපිට හදිසියේම අහිමි වෙනවා ජල ගැලීමක් නිසා. බලාපොරොත්තු නොවුණු සිදුවීමක්, අදහන්න බැරි සිදුවීමක්. අපි කනගාටු වෙනවා ඒ වේදනාකාරී මරණයට මුහුණ දෙන්න සිදුවුණාට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඡන්ද සිතියම කණපිට පෙරළෙන ලකුණු! පළාත් පාලන ඡන්දය මුලින්ම තියන්න යයි! අධිකරණයට අපහාස කිරීමේ නඩුවකුත් සූදානම්! I Sri Lanka Latest News

Next Post

රංගේලා ආශු මාරසිංහලා ඡන්ද කල්දාන්න කියන හේතුව එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.