ඉලංකෙයි තමිල් අරුසු නායකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන් මහතා ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය වාර්තා කොට ඇති පුවත අසත්‍යයක් බව වාර්තා වේ.Sri Lanka Latest News
අද පෙරවරුවේ සිට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය තොරතුරුවලින් කියවුණේ ශ්‍රීධරන් මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, නැවත වතාවක් පක්ෂ නායකත්වය සදහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත්ය.
නමුත් මේ සම්බන්ධයෙන් යම් යම් පාර්ශ්ව ශ්‍රීධරන් මහතාගෙන් කළ විමසීම්වලදී ඒ මහතා සදහන් කොට ඇත්තේ මාධ්‍ය වාර්තා කොට ඇති එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවකි.










