ශ්‍රීලනිප ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා අද පෙරවරුවේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ කාර්යාලයේ පැවැති අලුත් අවුරුදු දා පැවැති ආරම්භක රැස්වීමට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
එම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියේය.
මේ සම්බන්ධයෙන් අප ඊයේ දින විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ අද දින දේශපාලන පෙරළියක් වීමට නියමිත බවත්, එය දේශපාලන පෙරළි රැසක ආරම්භයක් බවත්ය.
ශාන් විජයලාල් මහතා දකුණු පළාත් සභාවේ මහඇමැතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කර තිබුණු අතර අවසන් වරට පැවැති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.












