මුහුණු පොත හරහා දඹුල්ල කන්ඩලම මහා කැලේ මැද හෝටලයක සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරදී රෝගි වී දඹුල්ල මහ නගර සභාවේ තරුණ සේවකයකු පෙරේදා (24) මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. (Sri Lanka Latest News)
මියගොස් ඇත්තේ සම්පත් විජයතුංග නමැති 32 හැවිරිදි තරුණයකු බව පොලිසිය සඳහන් කරයි.
පොහෝ දින රාත්‍රී සිට පසුදා වනතුරුම සාදය පවත්වා ඇතැයි පොලිසිය කියයි. රෝගී වූ සේවකයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් දඹුල්ලේ මෙම හෝටලයට ගොස් ගොස් ස්ථාන පරීක්ෂණය කළේය.
සාදයේදී විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තොරතුරු ද හෙළිවී යැයි පොලිසිය සඳහන් කළේය.මියගිය තරුණයාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී පැවැත්වීමට නියමිතය.
මුහුණු පොත හරහා සංවිධානය කර තිබුණු සාදයට ඇතුළුවීම සඳහා රුපියල් 5000ක ප්‍රවේශපත්‍රයක් නිකුත් කර තිබිණි.
gossiplankanews










