අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා විසින් ගායනා කරන දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නිල තේමා ගීතය මේ වනවිට නිකුත් කොට තිබේ.
පසුගිය දිනවල ඇතමුන් චෝදනා කර සිටියේ රෝහිත රාජපක්ෂ මහතා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි බවකි.
නමුත් පසුව රෝහිත රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් දඹුල්ල ජයන්ට්ස් සමග එක්ව සිටියේ එහි තේමා ගීතය සකස් කිරීමට යැයි කියාය.