මහනුවර සිට මහියංගණය දක්වා පසුගිය මස 26 දින ගමන් කරමින් තිබු බස් රථයක සිදුවීමට ගිය අනතුර වළක්වා ගෙන එහි ගමන් ගත් පනහකට අධික මගීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ 4 වැනි ශ්‍රී ලංකා පාබළ හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල්. කරුණාරත්න මහතාගේ නිර්භීත ක්‍රියාව ඇගයීමට ලක් කොට යුද හමුදාපතිවරයාගේ ප්‍රශංසාත්මක ලාංඡනය පිළිගැන්වීම ජුනි මස 01 දින යුද හමුදා මුලස්ථානයේදී සිදුකර ඇත.
මෙහිදී මෙම සෙබළා හට යුද හමුදාපති ප්‍රශංසනාත්මක ලාංඡනය පිළිගන්වමින් යුද සෙබළෙකු ලෙස නිර්භයව ඉදිරිපත්ව සිදුකළ මෙම ආදර්ශවත් ක්‍රියාව පිළිබඳ ප්‍රසංශා කර, ඔහුගේ අනාගතය සඳහා සුබ පැතුම් එක්කිරීමට ද යුද හමුදාපති විකුම් ලියනගේ මහතා කටයුතු කර ඇත.
මෙම බස් රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියැදුරු බස් රථයෙන් ඉවතට විසිවී රියැදුරු නොමැතිව බස් රථය මීටර් 50ක පමණ දුරක් ගමන් කර ඇත. එම අවස්ථාවේදී මෙම බස් රථයේ ගමන් ගත් කෝප්‍රල් කරුණාරත්න මහතා ඉතා ඉක්මනින් ක්‍රියාත්මකව රියැදුරු නොමැතිව ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ රියැදුරු අසුනට ගොඩවී දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය නවතා ගැනීමට කටයුතු කර තිබිණි.
dinamina










