ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් තිදෙනෙකු විසින් බරපතල චෝදනා 07ක් එල්ලකරමින් එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්තා කරනවා. Sri Lanka Latest News
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දවසින් දවස බෙලහීන වූ ආකාරය කරුණු සහිතව ඔවුන් එම ලිපිය මගින් පෙන්වා දී ඇති බවයි කියන්නේ.
පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ශාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් සහ මන්ත්‍රී සාරති දුෂ්මන්ත මිත්‍රපාල එම ලිපියට අත්සන් කර තිබෙන බව සඳහන් වෙනවා.
2014 වර්ෂයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම, 2015 දී එජාපය සමඟ එක්වීම, පොහොට්ටුව ට ගිය අයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම මෙන්ම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසත් සමඟ පක්ෂය ආණ්ඩුව නියෝජනය කරනේද විපක්ෂය නියෝජනය කරනේද යන කාරණය හඳුනාගත නොහැකි අනන්‍යතා අර්බුදයකට ලක්වීම එම ප්‍රශ්න කිරීම් අතර වෙන බවයි කියන්නේ.










