යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතිබවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ (20) පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.Sri Lanka Latest News
ඒ අනුව පොලීසිය එහි යනවිටත් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරු පැදියක් ගිනි තබා තිබුණි.
එහිදී පොලීසියටද ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇත.
පොලීසියට අනාවරණ වී ඇත්තේ කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් අද යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.










