• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති මන්දිරය අතහැර බිරිඳ සමග ජීවත් වුණේ ගොවිපළේ! ජනාධිපති වැටුප ඩොලර් 12,000 දුප්පතුන්ට පරිත්‍යාග කළා! තරුණ කාලයේ ගරිල්ලා ව්‍යාපාර සන්නද්ධ කල්ලි නායකයෙක්! වසර 14ක් එක දිගට දුක්ඛිත ලෙස සිර දඬුවම් වින්දා! අපිව දාලා ගිය සරල ජනාධිපති! Sri Lanka Latest News

May 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනපති මන්දිරය අතහැර බිරිඳ සමග ජීවත් වුණේ ගොවිපළේ! ජනාධිපති වැටුප ඩොලර් 12,000 දුප්පතුන්ට පරිත්‍යාග කළා! තරුණ කාලයේ ගරිල්ලා ව්‍යාපාර සන්නද්ධ කල්ලි නායකයෙක්! වසර 14ක් එක දිගට දුක්ඛිත ලෙස සිර දඬුවම් වින්දා! අපිව දාලා ගිය සරල ජනාධිපති! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ලෝකයේ දුප්පතුන්ද මනුෂ්‍යත්වයට අයත් බවත්, ඔවුන් දියුණු වන පරිදි මනුෂ්‍යත්වය ඔවුන්ව ප්‍රවර්ධනය කළ යුතු බවත් තේරුම් ගන්න. ලෝකයේ දුප්පත්කම මුලිනුපුටා දමා ස්ථාවරත්වය කරා ගමන් කළ හැකියි. මිනිසා යනු බුද්ධිමත්, ජයග්‍රාහී සත්වයෙක්. එහෙත් ඔහුට විශේෂයෙන් හරියාකාරව තමන්ව පාලනය කරගත යුතුයි. නැතිනම් තමන්ම දන්නේ නැතිව විනාශය කරා ගමන් කරනවා. ලෝකයේ සෑම මිනිත්තුවකම ඩොලර් මිලියන දෙකක යුද අයවැයක් භාවිත කරනවා. මෙම ක්‍රියාවලිය නිසා වෛරය සහ උමතුව මෙන්ම නව යුද්ධවල මූලාශ්‍රද සහතික කරන අතර, සියලු ධනයද නාස්ති කර දමයි. අපගේ චින්තනය ගෝලීය නොවන නිසා අපට ගෝලීයකරණය හැසිරවිය නොහැක. අපි වේගයෙන් යුගයෙන් යුගයකට පිවිසෙමින් සිටිමු. එහෙත් අප ඉදිරියේ බොහෝ නිෂ්ඵල කැපකිරීම් තිබේ. කාලයක් අප බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ අවජාතක දරුවන් වුණා. මම වේදනාවෙන් සිටින අතර, මෙම නොදකින අනාගතය සහ මා කැපවී සිටින්නේ කෙසේද යන්න ගැන මම කනස්සල්ලට පත්වී සිටිමි…’ Sri Lanka Latest News

මනුෂ්‍යත්වය ගැන කියැවෙන මෙම විශ්වීය කතාන්දරය කුමක්ද? එය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම කතාව අපට කියා සිටින්නේ ලොව සිටින එක්තරා අතිශය සුවිශේෂ මිනිසකු විසිනි. එහෙත් ශෝකීය පුවත ලෙස වාර්තා වන්නේ මෙම අපූරු මිනිසා මෙයට දින කීපයකට පෙරදී අපගෙන් වෙන්වී යෑමය. එනම් මෙලොවින් සදහටම වෙන්වී ගිය මෙම මිනිසා නමින් හොසේ මුජිකා (José Mujica) ය. José යන මුල් නම ‘ජොසේ’ ලෙසින් ශබ්ද නගන බැව් අපට සිතුණත් එය ලතින් භාෂාවට අනුව ශබ්ද නැගෙන්නේ ‘හොසේ’ ලෙසිනි. ඒ හෙයින් මෙම නාමය ලියා තැබීමේදී ‘හොසේ මුජිකා’ ලෙසින් ලියමු. හොසේ මුජිකා යනු ලතින් ඇමෙරිකානු (දකුණු ඇමෙරිකානු) රාජ්‍යයක් වන උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකි. මොහු 2010 සිට 2015 දක්වා එරට වසර පහක් පුරා ජනාධිපති ධුරය දැරීය. ලෝකයේ විවිධ රටවල් පාලනය කළ සහ පාලනය කරනු ලබන සියලු රාජ්‍ය නායකයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ රාජ්‍ය පාලන රටාවක් සහ ජීවන රටාවක් අනුගමනය කළ නායකයකු ලෙස මොහු ප්‍රකටය. මොහුගේ මෙම ජීවන රටාව යනු ඉතා දිගු කතාවක් වන අතර, එය විවිධ ග්‍රන්ථ පවා ලියැවුණු වතගොතක් ලෙස ප්‍රකටය. මෙම අපූරු මිනිසාගේ එම දීර්ඝ තොරතුරුවලින් යමක් ඉදිරියේදී ලියා තබමු. දැන් එසේනම් පසුගියදා ඔහු ගැන අසන්නට ලැබුණු පුවත කුමක්ද? එයනම් හොසේ මුජිකා ජනාධිපතිවරයා තමන්ගේ 89 වැනි වියෙහිදී මෙලොව හැර යෑමය. ඒ අනුව මෙයට දින කීපයකට ඉහතදී ඔහුගේ අවමංගල්‍ය උත්සවය උරුගුවේ රාජ්‍යයේ අගනුවර වන මොන්ටිඩීඩියෝ නුවරදී ඉතා චාම් අයුරින් පවත්වන ලදී.

මෙම ලිපියේ මුලින් ඔබට ලියා තැබූ සුවිශේෂ වදන් පෙළ හිටපු උරුගුවේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ කොතැනකදීද? තමන් ජනාධිපති ධුරය දරන සමයේදී ඔහු ඇමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී සිදුකළ කතාවකින් එම අදහස් ප්‍රකාශ කර තිබිණි. එම කතාව තවත් බොහෝ දීර්ඝ එකක් වුවත්, සියල්ල ලියන්නට ඉඩක් නැත. මෙම සුවිශේෂ මිනිසාගේ ජීවිත කතාවේ යමක් සොයා බලන්නට අපි උනන්දු වෙමු.

හොසේ මුජිකා ජනාධිපතිවරයා එරට ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට සහ ආදරයට පත්වුණු නායකයකු වන අතර, හොසේ මුජිකා ජනතාව විසින් ආදරණීය නාමයකින් හඳුන්වනු ලබන්නේ ‘පෙපේ’ ලෙසිනි. මෙම දේශපාලකයා මේ වනවිට මුළුමහත් ලෝකය පුරාම ප්‍රසිද්ධව සිටින්නේ ‘ලෝකයේ සිටින දුප්පත්ම ජනාධිපතිවරයා’ ලෙසිනි. එයට ප්‍රධානතම හේතුවී ඇත්තේ ඔහු එදිනෙදා ගෙවන ඉතා සරල සහ චාම් ජීවන රටාවයි. 1935 මැයි 20දා උපත ලැබූ හොසේ මුජිකා පසුගියදා මියයන විට 89 වැනි වියෙහි පසුවිය. මොහු තමාගේ තරුණ කාලයේදී බොහෝ ප්‍රකටව සිටියේ විප්ලවවාදී තරුණයකු ලෙසිනි. ඔහුගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු කෘෂිකර්මාන්තයේ නිරත වූවන් විය. හොසේ මුජිකා කුඩා කාලයේ සහ තරුණ කාලයේදී හොඳින් අධ්‍යාපන කටයුතු හැදෑරූ දරුවකු වූ අතර, ඔහු පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පවා සුදුසුකම් ලබා ඇත. එහෙත් ඔහු එම උසස් අධ්‍යයන කටයුතුවලට සහභාගි නොවූ අතර, විප්ලවීය දේශපාලනික කඳවුරුවලට බැඳී එම ක්‍රියාකාරකම්වල නිරත වූයේය. ඔහුගේ අම්මා සහ මාමා කෙනකු මෙවැනි දේශපාලනික කඳවුරුවල සිටි හෙයින් ඔවුන්ගේ ආභාසය යටතේ ඔහුද කටයුතු කරන්නට ගත්තේය.

මෙලෙස ක්‍රමයෙන් කාලය ගෙවීගෙන යද්දී තරුණ හොසේ මුජිකා එකල කියුබානු විප්ලවයට සම්බන්ධ එක්තරා විප්ලවවාදී කල්ලියකට සම්බන්ධ වී කටයුතු කරන්නට ගත්තේය. තමන්ට වයස අවුරුදු 25ක් වන කාලයේදී එනම් 1960 වසරේදී පමණ ඔහු මෙම අන්ත වාමාංශික සන්නද්ධ දේශපාලන කණ්ඩායමට සම්බන්ධ විය. මෙහි තැතිගන්නා කතාව වන්නේ මෙම සන්නද්ධ කණ්ඩායම ගරිල්ලා ත්‍රස්ත සංවිධානයක් ලෙස කටයුතු කිරීමය. එකල උරුගුවේ රාජ්‍යයේ පාලනය භාරව තිබී ඇත්තේ හමුදාවේ නායකයන් වෙතය. මෙලෙස හමුදා පාලනයක් පැවැති රට ගරිල්ලා ප්‍රහාරයක් මගින් අල්ලාගත යුතු යැයි ඉහත තරුණ ගරිල්ලා කල්ලිය තීරණය කළේය. ඒ අනුව එකල කියුබානු විප්ලවය හරහා ලැබුණු අවි ආයුධ සහ අනෙකුත් ආධාර උපකාර මත උරුගුවේ ගරිල්ලා කල්ලිය විසින් එරට රජයට ප්‍රහාර එල්ල කරන්නට ත්තේය. හොසේ මුජිකා එකල ඉතා දක්ෂ ගරිල්ලා සටන්කාමියකු වූ අතර, ඔහුගේ දක්ෂතාව නිසා කෙටි කාලයකින් එම ගරිල්ලා සංවිධානයේ නායකයා බවටද පත්විය. ඒ අනුව ඔහුගේ මෙහෙයවීම යටතේ උරුගුවේ හමුදා පාර්ශ්ව වෙත පහරදෙමින් නගර කිහිපයක බලයද අල්ලා ගත්තේය. අවසානයේදී හමුදා පාලකයන් තීරණය කළේ කෙසේ හෝ ගරිල්ලා නායක හොසේ මුජිකා අල්ලා ගැනීමටය. කිහිප වතාවක්ම ඔහුට එරෙහිව ප්‍රහාරයන් එල්ල කළද,ඔහු දස වතාවක් පමණ වෙඩි ප්‍රහාරවලටද ගොදුරුවී පලායෑමට සමත් විය. එහෙත් හමුදා බලය ශක්තිමත් කරමින් එක් ප්‍රහාරයකදී හොසේ මුජිකා අල්ලා ගැනීමට හමුදාව සමත් විය.

හොසේ මුජිකා පසුව එකල හමුදා රාජ්‍ය පාලකයන් විසින් සිරගත කරන ලදී. ඒ සමගම තවත් ගරිල්ලා සාමාජිකයන් 100ක් පමණ සිරගත කරන ලද්දේය. ඉතා කෙටි කාලයකින් හොසේ මුජිකාගේ මෙහෙයවීම යටතේ මෙම සිරකරුවන් විසින් බන්ධනාගාරය තුළ කැරැල්ලක් මෙහෙයවා සිරගෙදරින් මිදී පලා ගියේය. මුජිකා පලාගොස් තිබුණේ බන්ධනාගාරය තුළ උමගක් හාරා එය තුළින්ය. එහෙත් පසුව මාසයක පමණ කාලයක් ඇතුළතදී හමුදා පාලකයන් විසින් මුජිකා නැවත අත්අඩංගුවට ගත්තේය. ඉන් පසුව හමුදා අධිකරණයක් විසින් ඔහුට එරෙහිව නඩු විභාග කර වසර 14ක සිර දඬුවමක් නියම කළේය. ඒ අනුව එය ඔහුගේ දුක්ඛිතම කාලය බවට පත්විය. උරුගුවේ රාජ්‍යයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක ඉතා අවම පහසුකම් ඇති සිර මැදිරියක ඔහු සිරගත කරන ලද අතර, ඔහුට එතැන් සිට වසර 14 අවසාන වන තෙක්ම සිර දඬුවම් විඳීමට සිදුවිය. එහදී ඔහුට සෞඛ්‍ය ගැටලු සහ මානසික ගැටලු රැසකට මුහුණදෙමින් සිර දඬුවම විඳීමට සිදුවුණේය. 1985 වසරේදී උරුගුවේ රාජ්‍යයේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමෙන් පසුව හොසේ මුජිකා බන්ධනාගාරයෙන් නිදහස් විය. එතැනින් පසුව උරුගුවේ රාජ්‍යය තුළ දේශපාලනයට පිවිසි ඔහු, 1994 මහ මැතිවරණයේදී මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්විය. මුජිකා එරට ජනතාව අතර දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වූයේ ඔහු සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න සොයා බලන ජනප්‍රිය දේශපාලකයකු වීම හේතුවෙනි. මුජිකා පසුව එරට රජයේ අමාත්‍ය ධුර කීපයක්ද දරන්නට විය. අවසානයේදී ඔහු එනම් 2010 පැවැති ජනාධිතිවණයට තරග කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් එරට ජනාධිපතිවරයා බවට පත්විය. එතැන් සිට 2015 දක්වා ජනාධිපති ධුරය වසර 05ක් දැරීය.

‘ලෝකයේ දුප්පත්ම ජනාධිපති’ ලෙස විරුදාවලිය ලත් හොසේ මුජිකා අතිශයින්ම සුවිශේෂ චරිතයකි. ඉතා සරල ජීවිතයක් ගතකළ ඔහු තරම් වෙනත් ජනාධිපතිවරයකු මෙලොව සිටියේ හෝ සිටින්නේදැයි සැක සහිතය. උරුගුවේ රාජ්‍යයේ වසර 05ක් පුරා ජනාධිපති ධුරයේ සිටි ඔහු කිසි දිනෙක ජනාධිපති මැඳුරෙහි නවාතැන් ගත්තේ නැත. ඔහු තමාගේ බිරිය සමග දීර්ඝකාලීනව ජීවත් වූයේ තමන්ට අයත්ව තිබෙන අගනුවරට සමීප ගොවිපළෙහි ඇති තනි තට්ටුවේ නිවසකය. හොසේ මුජිකා කිසිදු විටක සුඛෝපභෝගී යානවාහන භාවිත නොකළ අතර, තමන් සතුව තිබුණු 1987 වර්ෂයේ නිෂ්පාදිත ෆොක්ස්වැගන් බීට්ල් වර්ගයේ පැරැණි රථයක් භාවිත කළේය. ඔහුට කිසිදු ආරක්ෂකයකු හෝ රියැදුරකු හෝ නොසිටි අතර තමන්ම වාහනය පදවාගෙන ජනාධිපති ධුරයේ කටයුතු සඳහා පැමිණියේය. මෙම සුවිශේෂ රාජ්‍ය නායකයාගේ අනෙක් මහා ජනතා කැපකිරීමක් වූයේ තමාට ලැබුණු ඩොලර් 12,000ක් වන ජනාධිපති වැටුපෙන් 90%ක්ම එරට දුප්පත් ජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවීමය. මෙම වැටුප ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 36ක් පමණ වෙයි. සුපිරි ආහාරපාන කිසිවක් පරිභෝජනයට නොගත් ඔහු තමන්ගේ ගොවිපළෙන් ලබාගන්නා ආහාරපාන පමණක් භාවිත කළේය. කිසිදු විටක ටයිපටියක් හෝ නොපලඳින ඔහු නිතර සාමාන්‍ය බටහිර ඇඳුමින් සැරසී සිටියේය. හොසේ මුජිකා තමාගේ වසර 05ක පාලන කාලය තුළදී උරුගුවේ රාජ්‍යයේ ආර්ථිකය ඉතා දියුණු තත්ත්වයට පත්කළේය. ප්‍රධාන වශයෙන් එරට කෘෂිකර්මාන්තය ඉහත දියුණු තත්ත්වයකට ගෙන ආවේය. එරට ඒකපුද්ගල ආදායම ඩොලර් 13,000 දක්වා ඉහළ තලයකට ගෙන ආවේය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රවීන්ද්‍ර හඬා වැටෙමින් මාලිනී ගැන කියපු අදහස්! VIDEO I Sri Lanka Latest News

Next Post

කණු කුණු සහ ලුණු! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.