• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වේදිකාවේ පොරොන්දු වුණ ඩොලර් වැස්ස! එක පෑන් පාරින් විසඳනවා කියපු ප්‍රශ්න! කෙඳිරි ගාන්නේ නෑ කියපු දේවල්! රත්නපුරේදී සජිත් අනුරටයි ආණ්ඩුවටයි දීපු ෂොට් එක! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 31, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
ආණ්ඩුව රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරුකරන්න පටන් අරගෙන! දේශපාලන පළිගැනීම්වලට ලක්වන රාජ්‍ය සේවකයන්ගේ දුකට පිහිටවෙන්න සජබෙන් අලුත් වැඩපිළිවෙළක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් දහස් ගණනක් රැකියා නොමැතිව සිටියත් රජයේ ඇබෑර්තු විශාල ප්‍රමාණයක් තිබුණත් රැකියා ලබා නොදෙන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය තනතුරු රැසක් මේ අයට හිමිව තිබුණත් ඔවුන්ට සුදුසුකම් තිබුණත් මේ අයට රැකියා නොදෙන නිසා මොවුන් මහපාරට බැස කුසලතා අනුපිළිවෙළට රැකියා ලබා දෙන්න කියා උද්ඝෝෂණය කරන විට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අද තරුණයන්ට රැකියා විරහිත උපාධිධාරීන්ට උද්ඝෝෂණය කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමිව ඇති බවත් වත්මන් රජයේ සිටින කණ්ඩායම විරුද්ධ පක්ෂයේ සිටින විට ඇති තරම් උද්ඝෝෂණය කළත් මේ අය බලයට පැමිණි පසු උද්ඝෝෂණය කිරිමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා අහෝසි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

දශක ගණනාවක් පුරා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව මෙරට ස්ථාපිත කළ දර්ශනයක් වැඩපිළිවෙළක් තිබූ බවත් පුද්ගලීකරණයට එරෙහි වීම, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි වීම, අයිඑම්එෆ් එකත් සමග කටයුතු නොකිරීම, ඉන්දීය චීන ඇමෙරිකා හා බටහිර ව්‍යාප්තවාදයට අධිරාජ්‍යවාදයට විරුද්ධව උද්ඝෝෂණය කිරීම, තරුණයන්ගේ ඔලු‍ සමාජවාදී උමතුවෙන් කුරුවල් කරමින් ශිෂ්‍ය පරපුර මහපාරට බස්සවා අධ්‍යාපනය කඩාකප්පල් කළ බවත් වැඩ කරන ජනතාව උද්ඝෝෂණවලට ගෙනවිත් ආර්ථිකයට හානි කර සෑම ආණ්ඩුවකටම බාධා කර ජීවිත හා දේපල පවා විනාශ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වේදිකාවේ පොරොන්දු වුණ ඩොලර් වැස්ස කෝ

නාදුනන තුවක්කු කරුවන්ගේ මිලේච්ඡ මිනිමරු සංස්කෘතිය සමාජගත කළ මේ කණ්ඩායම අද ජනතා ප්‍රශ්න ඉදිරියේ උත්තර සපයන්නට නොහැකිව රට මුහුණ දෙන ගැටලු‍ ඉදිරියේ විසදුම් සපයන්න නොහැකිව අද මේ රජය හිරවි ඇති බවත් එදා වේදිකාවේ පොරොන්දු වූ ඩොලර් වැස්ස අද නොමැති බවත් පිටරට සිටින යාළුවෝ මෙරට ඩොලර් විශාල ප්‍රමාණයක් මිලියන ගණන් බිලියන ගණන් ගෙන එන බව පැවසුවත් අද ඒ ඩොලර් එකක්වත් නොමැති බවත් එදා අයිඑම්එෆ් එකට බැන්නත් අද අයිඑම්එෆ් එකේ පදයට නටන ආණ්ඩුවක් බිහිව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එක පෑන් පාරින් ප්‍රශ්න විසදනවා කිව්වට විසදපු ප්‍රශ්නයක් නෑ

වීවලට දෙනවා කිව්ව රු.150 සහතික මිල නොමැති බවත් පාසල් දරුවන්ගේ උපකරණවල වැට් ඉවත් කර, තෙල් මිල විදුලි බිල අඩු කර සහන දෙනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් මේ අය අදටත් මේවා අඩු කරන්න අපොහොසත් වී ඇති බවත් අදටත් අත්‍යාවශය ආහාරපානවලට අධික බදු බර පටවා ඇති බවත් කිරිපිටි මිල වැඩි වී ඇති බවත් එක පෑන් පාරින් විදුහල්පති ගුරු වැටුප් විෂමතා විසදනවා කිව්වත් ඒවා නොවූ බවත් නිල ඇදුමෙන් දේශපාලන රැස්වීම්වලට පැමිණි හෙද පරපුරට පුනරුදය උදා කරනවා කිව්වත් කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ අය දන්නේ වැඩ බැරිව කෙදිරි ගාන්න විතරයි

රටේ ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින විට ඒ හැම ප්‍රශ්නයක් ම රිලවුන්ට බල්ලන්ට පවරා රජය කෙදිරි ගාමින් සිටින බවත් අද රටේ නීතිය හා සාමය සහමුළින්ම කඩා වැටී ඇති බවත් රටේ ඇත්තේ තුවක්කුකරුවාගේ හා මිනිමරුවාගේ නීතිය බවත් මිලේච්ඡත්වය මුළු සමාජයම ගිලගෙන ඇති බවත් රටම හොයන පොලිස්පති එයාට කැමති වෙලාවේ කැමති ඇදුමින් සැරසී අධිකරණයට එනතුරු පොලිසිය හෝ රජය නොදන්නා බවත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති තියන්න පුළුවන් කියන ඇමතිවරුන්ට රටේ සිදුවන මිනිස් ඝාතන ජාතික ආරක්ෂාව ගැටලු‍වක් නොවන බවට ප්‍රකාශ කරමින් යන බවත් මේ අදූර්දර්ශී රජයට රටක් පාලනය කළ නොහැකි වැඩබැර අදක්ෂ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

මෙච්චර කල් යුනිට් එකට 23ක් ගෙව්වා! දැන් 14ට අඩු කරන්නයි යන්නේ! කැබිනට් පත්‍රිකාවේම තියෙනවා සෝලා පවර් එක අඩු කරන්නයි මේක කරන්නෙ කියලා! ආණ්ඩුවේ ලොක්කෝ තෙල් රහට පුරුදු වෙලාද? මේ කර්මාන්තයම විනාශ කරන්නයි හදන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

වසන්ත කරන්නාගොඩට ජගත් ජයසූරියට තියෙන චෝදනා හරි! ඒත් ෂවේන්ද්‍ර? දේශපාලඥයො හමුදාවේ කීර්ති නාමය බේරගන්න තවමත් වැඩ කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.