• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙඩික්කරු වමාරන්න පටන් ගනී! කොන්ත්‍රාත්තුව ආපු හැටි-දුන්නු අය-ගහපු හැටි-හොර ID හදපු හැටි-කෙල්ලත් එක්ක උසාවියෙන් පැනලා කඩේකින් ඇදුම් ගත්ත හැටි-ප්ලෑන් එක වැරදුණු හැටි- කල්පිටියෙන් ඉන්දියාවට පනින්න ගිය හැටි සියල්ල හෙළිකරයි! I Sri Lanka Latest News

February 21, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
සංජීවට ගහපු වෙඩික්කරු ඇල්ලූ මොහොත! හොර නීතීඥ කාඩ් එකත් හදාගෙන! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.Sri Lanka Latest News

එමෙන්ම ඝාතනය සිදු කිරීමට පෙර, දින කිහිපයක් වෙඩික්කරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පෙර සූදානමක් සිදුකර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළි වී ඇත.

වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් ගණේමුල්ල සංජීව ඝාතනය කළ බවයි.

රුපියල් කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය සිදුකළ බවත්, සති දෙකකට වතාවක් රුපියල් ලක්ෂ 2 බැගින් තමන්ට වේතනයක් ලෙස අදාළ අපරාධකරුවන් ගෙවූ බවත් විමර්ශන නිලධාරීන් හමුවේ වෙඩික්කරු පවසා තිබේ.

උසාවි භූමිය තුළදී අදාළ කාන්තාව තමන්ට ගිනි අවිය ලබාදුන් පසු එය ඉණෙහි සඟවාගෙන ගොස් වෙඩි තැබීම සිදුකළ බවත් ඔහු පවසා ඇති බව වාර්තා වේ.

එම කාන්තාව තමන් මින් පෙර සිට හඳුනන බවත්, ඒ අනුව ඇය සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත් ඔහු පවසා ඇත.

විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු තවදුරටත් පාපොච්ඡාරණය කර ඇත්තේ, වෙඩි තැබීමෙන් පසුව තමන් කූලී රථ යෙදුමක් මගින් කුලී රථයක් ගෙන්වා ගෙන අධිකරණය අසල සිට මීගමුවට නුදුරු ප්‍රදේශයකට ගිය බවය.

තමන් රැගෙන යෑමට මෝටර් රථයක් ඇති බව පැවසූවද එය අදාළ ස්ථානයේ නොතිබීම නිසා එලෙස සිදුකළ බව වෙඩික්කරු පවසා තිබේ.

අනතුරුව තමන් ගිනි අවිය රැගෙන ආ කාන්තාව සමග වෙළෙඳසැලකට ගොස් ඇඳුම් මිලදී ගත් බවයි ඔහු පවසා ඇත.

පසුව මීගමුවට නුදුරු ප්‍රදේශයක සිට කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් කල්පිටියට ගොස් ඉන්දියාවට පළායෑමට සූදානම් වූ බව ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ.

එසේම වෙඩික්කරු අනාවරණ කර ඇත්තේ තමන් සතුව තිබූ ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් සියල්ල සකස් කර දෙනු ලැබුවේ අවිශ්ක නම් අපරාධකරු විසින් බවය.

එමෙන්ම ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතනය තමන් විසින් සිදුකළ බවද ඔහු මෙහිදී අනාවරණ කර ඇති බව  වාර්තා වේ.

ගනේමුල්ල සංජීව නැමැත්තාව ඊයේ (20) උදෑසන අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනයට ලක්විය.

ඒ ඔහුට විරුද්ධව පැවැති නඩු තුනක් සඳහා ඉදිරිපත් කිරීමට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන ආ ආවස්ථාවේදීය.

විශේෂ ගණයේ අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ නඩු කටයුත්ත අලුත්කඩේ අංක 5 අධිකරණය තුළ කැඳවන අවස්ථාවේදී එහි සිටි සෙසු පිරිස ඉන් ඉවත්කර දොරවල් වසා ඇත.

ඒ අතරවාරයේ නීතීඥයකු වෙසින් එහි රැඳී සිටි වෙඩික්කරු විත්ති කූඩුව අසළට පැමිණ වෙඩි තැබීම සිදුකර ගිනි අවිය බිම දමා වසා තිබූ දොරවල් විවෘත කර ඉන් පිටතට දිව ගිය බවයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේ ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාවට පැමිණ, අදාළ දොරටුව අසල සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ”අන්න ඇතුළේ වෙඩි තියනවා” යනුවෙන් පවසා වෙඩික්කරු දිව ගොස් තිබේ.

වෙඩිකකරු පිළිබඳ ආරම්භකළ විමර්ශනවලට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම හා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද  තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී ඔහු වෑන් රථයකින් පුත්තලම දෙසට ගමන් කරමින් සිටින අතරවාරයේදී අත්අඩංගුවට පත්විය.

එහිදී සුදු පැහැති වෑන් රථයක් නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ සීසිටීවී දර්ශනවලට සමාන රුවක් සහිත පුද්ගලයෙකුගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු අදාළ වෙඩික්කරු බවට අනාවරණ කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු සමිදු දිල්ශාන් පියුමංග කඳනාරච්චි නම් මහරගම, දඹහේන පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්ය.

ඔහුගේ ගමන් මල්ලේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද පොලීසිය විසින් සොයාගනු ලැබීය.

එමෙන්ම ඔහු ගමන්ගත් වෑන් රථයේ රියදුරු ගොඩැල්ලහේන, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන හෙවත් බබා නම් 44 හැවිරිදි අයෙක්.

ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ අදාළ පුද්ගලයාවද මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව වෙඩික්කරු ඇඳ සිටි නීති ඇඳුම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, එම ඇඳුම් අඩංගු බෑගය කොච්චිකඩේ, රිදීවැල්ල මාර්ගයේ දමා ගිය බවය.

ඒ අනුව ඒවාද පොලීසිය විසින් සොයාගනු ලැබීය. -දෙරණ

SendShareShare
Previous Post

මතකද යාපනේ විද්‍යා දැරිය ඝාතනය! හිටපු SDIG ලලිත් ජයසිංහ අවුරුදු 4කට බරපතළ වැඩ ඇතිව හිරේ! I Sri Lanka Latest News

Next Post

අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් පාර්ලිමේන්තුවටම ඇවිත් සජිත් එක්ක පැයක විශේෂ සාකච්ඡාවක් කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.