මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනතට, කතානායකවරයා අත්සන් තබන ලද්දේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිර්දේශ පනතට ඇතුළත් කළ බව නීතිපතිවරයා විසින් තහවුරු කිරීමෙන් පසුව බව, පාර්ලිමේන්තු මහලේකම්, කුෂාණී රෝහණධීර මහත්මිය පවසා තිබේ.Sri Lanka Latest News
කාරක සභා අවස්ථාවේ දී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනතට ඉදිරිපත් කරන ලද සංශෝධන නොතකා හැර ඇති බවට, විපක්ෂය පාර්ශ්වයෙන් දැඩි චෝදනා එල්ල විය.
3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, සහ 53 යන වගන්ති සරළ බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණ අතර, 56 වන වගන්තිය සම්මත කරගැනීම සදහා තුනෙන් දෙකක අනුමැතිය ඒ සදහා අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර තිබුණි.










