සිය ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව රංගන ශිල්පී තලපති විජේ නිවේදනය කර තිබේ.Sri Lanka Latest News
ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත.
මේ අනුව විජය ජනතා ව්‍යාපාරය “ටැමිලගා වෙට්‍රි කසාගම්” නමින් පක්ෂයක් ලෙස ලියාපදිංචි කර තිබේ.
විජය ජනතා ව්‍යාපාරය සුබසාධන වැඩසටහන්, සමාජ සේවා සහ සහනාධාර රැසක් කරමින් සිටින අතරවාරයේ සම්පූර්ණ සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඇති කිරීමට දේශපාලන බලය අවශ්‍ය බව ඔහු එම සටහනේ සඳහන් කර ඇත.
තම බලාපොරොත්තුව 2024 මහමැතිවරණය සඳහා තරග කිරීම නොව 2026 ප්‍රාන්ත සභා මැතිවරණයට ඉදිරිපත් වීම බව විජේ පවසා සිටියි.
එමෙන්ම තමන් කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත වීමේ බලාපොරොත්තුවක් ද නොමැති බව ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.










